පූගොඩ නව අධිකරණ සංකීර්ණය විවෘත කෙරේ

0
පූගොඩ නව අධිකරණ සංකීර්ණය විවෘත කෙරේ

පූගොඩ නව අධිකරණ සංකීර්ණය විවෘත කෙරේ

පූගොඩ නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීම අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද(24) පෙරවරුවේ සිදු කර තිබේ.

ව්‍යාපෘතියේ මූලික ඉදි කිරීම් අවසන් කිරීමට හා මූලික ඇස්තමේන්තුවේ අන්තර්ගත නොවු අභ්‍යන්තර නිමාවන් සහ අනුබද්ධ සේවා සැපයීම සම්පුර්ණ කිරීම සඳහා රුපියල් මිලියන 882.5ක පිරිවැය ඇස්තමේන්තුව වෙනුවෙන් ගිවිසුමකට එළඹ ඇති අතර මේ වන තෙක් ව්‍යාපෘතියට රුපියල් මිලියන 585 ක් වැය කර තිබේ.

මහල් තුනකින් සමන්විත නව අධිකරණ සංකීර්ණය දිසා අධිකරණයක්, මහෙස්ත්‍රාත් අධිකරණයක්, නීති ආධාර මධ්‍යස්ථානයක් ප්‍රජා විශෝධන මධ්‍යස්ථානයක් හා පරිවාස කාර්යාලයක් ඇතුළු අධිකරණ සඳහා අවශ්‍ය සියලු පහසුකම්වලින් සමන්විතයි.

ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණ e – court ව්‍යාපෘතිය යටතේ නඩු ගොනු කළමණාකරණය සඳහා ඉලෙක්ට්‍රොනික පද්ධතියක් (e – CMS) මෙම අධිකරණයට හඳුන්වාදී තිබීම විශේෂත්වයක්.

මීට පෙර අධිකරණ සංකීර්ණය ඉදි කිරීමට වෙනත් ඉඩමක් සොයා ගැනීමට තිබූ අපහසුතාවය හේතුවෙනුයි අධිකරණය පැවති භූමියේ පැරණි අධිකරණ ගොඩනැගිල්ල ඉවත් කර නව අධිකරණ සංකීර්ණය ඉදි කිරීම ආරම්භ කර ඇත්තේ.

ඒ හේතුවෙන් තාවකාලික පදනම මත ලබාගත් ගොඩනැගිල්ලකට අධිකරණය විතැන් කිරීමෙන් අනතුරුවයි අධිකරණ කටයුතු පවත්වා ගෙන ගොස් තිබුණි.

පූගොඩ දිසා විනිසුරු මංජුල කරුණාරත්න සහ පූගොඩ නීතිඥ සංගමයේ සභාපති, නීතිඥ නිව්ටන් උස්වත්ත මහත්වරුන් මෙහිදී අදහස් පළ කලේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com