පිල්ලයාන් ලබන මස 04 දක්වා යළි රිමාන්ඩ්

0
පිල්ලයාන් ලබන මස 04 දක්වා යළි රිමාන්ඩ්

පිල්ලයාන් ලබන මස 04 දක්වා යළි රිමාන්ඩ්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් එළැඹෙන මස 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබෙනවා.

මඩකලපුව මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු ඒ. තර්ෂිනී මහත්මිය විසින් මෙම නියෝගය නිකුත් කළා.

ඒ සැකකරු (24) ඔන්ලයින් ක්‍රමවේදය හරහා මඩකලපුව අධිකරණයට ඉදිරිපත් කරන ලද අවස්ථාවේදීයි.

2008 වසරේදී මඩකලපුව දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල සිදුවූ මිනීමැරුම් පහක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණය හමුවේ සැකකරු ඇතුළු පුද්ගලයින් කිහිප දෙනෙකුට එරෙහිව නඩු පවරනු ලැබුවා.

ඒ අනුව කල්ලඩි හී සිදුවූ ඝාතන 5 සම්බන්ධයෙන් ගොනු කර ඇති චෝදනා තුනක් සහ මෙම නඩුව සම්බන්ධයෙන් ගොනු කර ඇති එක් චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණ විභාගය (24) පැවැත්වුණා.

එහිදී කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකරු එළැඹෙන 04 දක්වා සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා.

2008 වසරේදී මඩකලපුව කල්ලඩි මුරුගන් කෝවිල අසලදී හිටපු පොලිස් නිලධාරියෙකු ඇතුළු දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම, එම වසරේදී මැයි 22 වන දින පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සහ එම වසරේ අගෝස්තු 20වැනි දින වවුනියාව ප්‍රදේශයේදී සන්නද්ධ කණ්ඩායමක් විසින් පුද්ගලයෙකු වෙඩි තබා ඝාතන කිරීම යන චෝදනා යටතේ සැකකරුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන්ට එරෙහිව නඩු ගොනු කර තිබෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com