ඇමෙරිකාවට වඩා චීනයට ලෝකයේ මෙන්ම ලංකාවේද වැඩි කැමැත්තක් – පිව් පර්යේෂණ මධ්‍යස්ථානය හෙළි කරයි

0
ලංකාවෙත් බහුතර පිරිසක් අමෙරිකාවට වඩා චීනයට පක්ෂපාතිත්වයක් දක්වයි

ලංකාවෙත් බහුතර පිරිසක් අමෙරිකාවට වඩා චීනයට පක්ෂපාතිත්වයක් දක්වයි

පිව් පර්යේෂණ මධ්‍යස්ථානය (Pew Research Center) විසින් කරන ලද නවතම සමීක්ෂණයකට අනුව මෙරට ජනතාවගෙන් බහුතර පිරිසක් අමෙරිකාවට වඩා චීනයට පක්ෂපාතිත්වයක් දක්වන බව අනාවරණය වී තිබේ.

අමෙරිකාව පාදක කරගත් මෙම මධ්‍යස්ථානය ඉකුත් පෙබරවාරි සහ මැයි අතර කාලය තුළ රටවල් 36ක පුද්ගලයින් 42,000කට වැඩි පිරිසක් යොදාගෙන සිදුකළ සමීක්ෂණයකට අනුව මෙම තොරතුරු අනාවරණය කරගෙන ඇත.

මෙම සමීක්ෂණයේ අවසන් ප්‍රතිඵලය අනුව ලොව පුරාද බහුතර රටවල් අමෙරිකාවට වඩා චීනයට වැඩි කැමැත්තක් දක්වන බව හෙළිකරගෙන තිබේ.

පිව් පර්යේෂණ මධ්‍යස්ථානය මෙවැනි සමීක්ෂණයක් සිදුකළ පළමු අවස්ථාව මෙය වන අතර, මෙහිදී හෙළිවී ඇති තවත් කරුණක් වන්නේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වඩා චීන ජනාධිපති ෂී ජින්පින් ලෝක ජනතාවගේ ආදරයට පාත්‍ර වී ඇති බවය.

මෙම සමීක්ෂණයේ නියැඳියක් වූ ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් 72%ක් චීනයට පක්ෂපාතී වෙද්දී, අසල්වැසි රටක්වන පාකිස්තානයේ චීනයට ඇති කැමැත්ත 90%ක් දක්වා ඉහළින් තිබේ.

එය මෙම සමීක්ෂණයට තෝරාගත් රටවල් 36 අතරින් චීනයට වැඩිම පක්ෂපාතිත්වය දක්වන රටය.

මෙහි ඇති වඩාත් සුවිශේෂී කරුණ වන්නේ අමෙරිකානු හිතැති බලකඳවුරක් වන ඊශ්‍රායලයේද 81%ක් චීනයට කැමැත්තක් දැක්වීමය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com