ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සභාව පිහිටුවීමේ අවසන් වාර්තාවට අනුමැතිය

0
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සභාව පිහිටුවීමේ අවසන් වාර්තාවට අනුමැතිය

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සභාව පිහිටුවීමේ අවසන් වාර්තාවට අනුමැතිය

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සභාවක් පිහිටුවීම සඳහා සකස් කළ අවසන් වාර්තාවට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ.

මෙම අනුමැතිය හිමිව ඇත්තේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවති අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභා රැස්වීමේදීය.

අධ්‍යාපන සභාව පිහිටුවීම පිළිබඳ අනු කාරක සභාවේ සභාපති සහ නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා විසින් අදාළ අවසන් වාර්තාව කාරක සභාව වෙත ඉදිරිපත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සභාවක් පිහිටුවීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමේ අරමුණින් අමාත්‍යාංශය විසින් පත් කළ විද්වත් කමිටුවක් සිදු කළ අධ්‍යයනයකින් අනතුරුව සකස් කළ නිරීක්ෂණ සහ නිර්දේශ මෙම වාර්තාවට ඇතුළත් වී ඇත.

වාර්තාවේ අන්තර්ගතය පිළිබඳ කාරක සභා සාමාජිකයන්ගේ අදහස් හා යෝජනාද විමසා බැලූ අතර, ඒ පිළිබඳ සාකච්ඡාවෙන් අනතුරුව වාර්තාව ඒකමතිකව අනුමත කර තිබේ.

මෙම රැස්වීමට අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් සහභාගි වී තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com