වසා දැමූ ආනවිලුන්දාව උප දුම්රිය ස්ථානය යළි විවෘත කෙරේ

0
වසා දැමූ ආනවිලුන්දාව උප දුම්රිය ස්ථානය යළි විවෘත කරයි

වසා දැමූ ආනවිලුන්දාව උප දුම්රිය ස්ථානය යළි විවෘත කරයි

තාවකාලිකව වසා දමා තිබූ ආනවිලුන්දාව උප දුම්රිය ස්ථානය සහන දුම්රිය ස්ථානාධිපතිවරයෙකු යොදවා නැවත විවෘත කිරීමට පියවර ගෙන තිබේ.

ආනවිලුන්දාව උප දුම්රිය ස්ථානයේ සේවය කළ උප දුම්රිය ස්ථානාධිපතිවරයා ඉල්ලා අස්වීම හේතුවෙන් එම ස්ථානය නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට දුම්රිය පාලනාධිකාරිය තීරණය කර තිබුණි.

එමෙන්ම සේවකයින් නොමැතිවීම හේතුවෙන් මාස කිහිපයක සිට වසා දමා තිබූ අකුරළ සහ ආඳාදොල උප දුම්රිය ස්ථාන දෙකද සහන දුම්රිය ස්ථානාධිපතිවරුන් යොදවා ආරම්භ කිරීමට නියමිතයි.

කෙසේ වෙතත්, පුරප්පාඩු පවතින උප දුම්රිය ස්ථාන 25ක් සඳහා නවක උප දුම්රිය ස්ථානාධිපතිවරුන් බඳවා ගැනීමට 2025 අගෝස්තු 15වන දින ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණද, අද වන තෙක් එම බඳවා ගැනීමේ කටයුතු අවසන් කිරීමට පාලනාධිකාරිය අපොහොසත් වී ඇති බවද සඳහන්.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com