මහරගම ඩෙංගු මර්දන මෙහෙයුමෙන් දිනකදී ලක්ෂ 21ක දඩ
මහරගම ඩෙංගු මර්දන මෙහෙයුමෙන් දිනකදී ලක්ෂ 21ක දඩයක්
ඩෙංගු මදුරුවන් බෝ වන පරිදි තම පරිශ්‍ර පවත්වාගෙන ගිය නිවෙස් හිමියන් ඇතුළු පුද්ගලයින් පිරිසකට ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය මගින් රුපියල් ලක්ෂ 21ක දඩයක් නියම කර තිබේ.
මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක නලීන් කල්දේරා මහතා සඳහන් කරන්නේ, මෙය එක් දිනක් තුළ ඩෙංගු රෝගය සම්බන්ධයෙන් වාර්තා වූ වැඩිම දඩ මුදල බවයි. මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ පසුගිය දින කිහිපයේදී විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කෙරුණු අතර, එහිදී සිදුකළ නිවාස පරික්ෂා කිරීම්වලදී ඩෙංගු මදුරුවන් බෝ වන පරිදි පරිශ්‍ර පවත්වාගෙන ගිය නිවෙස් හිමියන්ට එරෙහිව මෙලෙස අධිකරණය හමුවේ නඩු පවරා ඇත.
ඉදිරියේදීද මෙම ඩෙංගු මර්දන සහ පරීක්ෂා කිරීමේ වැඩසටහන් ප්‍රදේශය තුළ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අංශ සැලසුම් කර තිබේ. ඒ හේතුවෙන්, නීතිමය ක්‍රියාමාර්ගවලට ලක් නොවී තම නිවෙස් සහ අවට පරිශ්‍ර නිරන්තරයෙන් පිරිසිදුව පවත්වා ගන්නා ලෙස පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක නලීන් කල්දේරා මහතා ප්‍රදේශයේ ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.




