කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා තනතුරින් ඉල්ලා අස්වේ
අධිකරණ සේවා සංගමයේ (JSA) සභාපතිවරයා ලෙස කටයුතු කළ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා එම තනතුරින් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වී තිබේ.
උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් මේ වනවිට රට තුළ උද්ගතව ඇති සංවේදී වාතාවරණය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අධිකරණ සේවා සංගමයේ විශේෂ මහා සභා රැස්වීමක් කැඳවා ඇති පසුබිමක සභාපතිවරයාගේ මෙම හදිසි ඉල්ලා අස්වීම වාර්තා වීම විශේෂත්වයක්.
මේ වනවිට එම විශේෂ මහා සභා රැස්වීම කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදී පැවැත්වෙන අතර, විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමේ අර්බුදය සහ සංගමයේ ඉදිරි පියවර පිළිබඳව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට බඳුන් වීමට නියමිත බව වාර්තා වේ.
සභාපතිවරයාගේ ඉල්ලා අස්වීමට හේතුව මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැත.




