ඥානසාර හිමිගේ නිදහස ඉල්ලූ විරෝධතාවයට අධිකරණයෙන් තහනම් නියෝගයක්!
ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය සහ මුදල් අමාත්යාංශය ඇතුළු ස්ථාන කිහිපයකට ඇතුළුවීම මෙන්ම පදික වේදිකා අවහිර කිරීම තහනම් කරමින් කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ඉල්ලා සංඝරත්නය සහ ගිහි පිරිසක් විසින් ජනාධිපති ලේකම් කාර්යාලය අසල සිදු කරනු ලබන විරෝධතාවය සම්බන්ධයෙන් කොම්පඤ්ඤවීදිය පොලිසිය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්රාත්වරයා මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.
අප අධිකරණ වාර්තාකරු පැවසුවේ, උලපනේ හිමියන් ඇතුළු සංඝරත්නය සහ ගිහි පිරිසක් මෙම නඩුවේ වගඋත්තරකරුවන් කරමින් පොලිසිය විසින් අදාළ නියෝගය ඉල්ලා සිටි බවයි.
