කොළඹ බේරේ වැව පිරිසිදු කිරීමට කඩිනම් හා දිගුකාලීන ඒකාබද්ධ ව්‍යාපෘතියක්

0
කොළඹ බේරේ වැව පිරිසිදු කිරීමට කඩිනම් හා දිගුකාලීන ඒකාබද්ධ ව්‍යාපෘතියක්

කොළඹ බේරේ වැව පිරිසිදු කිරීමට කඩිනම් හා දිගුකාලීන ඒකාබද්ධ ව්‍යාපෘතියක්

ක්ෂණික සහ කෙටිකාලීන විසඳුමක් ලෙස, බේරේ වැවට මුහුදු ජලය ඇතුළු කර ඒ හරහා වැව පිරිසිදු කිරීමේ විශේෂ තාක්ෂණික ව්‍යාපෘතිය ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

ඒ සඳහා පූර්ණ මූල්‍ය දායකත්වය ලබා දීමට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු වන ඉංජිනේරු නහිල් විජේසූරිය මහතා එකඟතාවය පළ කර ඇත.

වැවේ පිරිසිදු භාවය සහ අලංකාරය තිරසාරව පවත්වා ගැනීම සඳහා වන දිගුකාලීන සැලසුම්, මෙවර රජයේ අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති අතර ඒ සඳහා කොළඹ මහා නගර සභාව, නාගරික සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව යන ආයතන ඒකාබද්ධව කටයුතු මෙහෙයවනු ලබයි.

හුණු පිටිය ගංගාරාම විහාරාධිපති, පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජී නායක හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සහ උපදෙස් පරිදි බේරේ වැව පිරිසිදු කිරීම සහ අලංකරණය කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශ ඒකාබද්ධ කරගත් විශේෂ සාකච්ඡාවක් එම විහාරස්ථානයේදී අද (09) පවත්වා තිබුණි.

එහිදී මේ සම්බන්ධයෙන් ඉදිරි වැඩකටයුතු සිදු කරන ආකාරය ගැන වැඩිදුර තොරතුරු සාකච්ඡා කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com