ව්‍යාජ ලේඛන සකස් කිරීමට උදව් කළ කොළඹ ඉඩම් රෙජිස්ට්‍රාර්වරියක් CID අත්අඩංගුවට

0
ව්‍යාජ ලේඛන සකස් කිරීමට උදව් කළ කොළඹ ඉඩම් රෙජිස්ට්‍රාර්වරියක් CID අත්අඩංගුවට

ව්‍යාජ ලේඛන සකස් කිරීමට උදව් කළ කොළඹ ඉඩම් රෙජිස්ට්‍රාර්වරියක් CID අත්අඩංගුවට

ව්‍යාජ ලේඛන සකස් කිරීමේ සිදුවීමකට සෘජුවම සම්බන්ධ වීමේ චෝදනාව මත කොළඹ ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ සේවය කළ ඉඩම් රෙජිස්ට්‍රාර්වරියක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය ප්‍රකාශ කළේ අදාළ කාර්යාලය සතු අභ්‍යන්තර රහස්‍ය වාර්තා විශේෂයෙන්ම කාර්යාලය තුළ ගොනු කර ඇති ලේඛන වෙළුම් (Volumes) සහ ඔප්පුවල ද්විතීයික පිටපත් (Secondary copies) බාහිර පාර්ශවයන් වෙත ලබාදීම සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ විමර්ශනවලින් අනතුරුවයි මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි.

සංවිධානාත්මක අපරාධ සඳහා ආධාර සහ අනුබල දීම, අපරාධකාරී කුමන්ත්‍රණය,ව්‍යාජ ලේඛන සකස් කිරීම් හරහා නීත්‍යානුකූල හිමිකරුවන්ගෙන් ඉඩම් අන්සතු කිරීමට (Alienation) පහසුකම් සැලසීම යන චෝදනා යටතේ මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි කාන්තාවක්.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com