පුද්ගල ඝාතන සිදුකිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන් 08 දෙනෙකුට මරණ දඬුවම

0
පුද්ගල ඝාතන සිදුකිරීම - විත්තිකරුවන් 08කුට මරණ දඬුවම

පුද්ගල ඝාතන සිදුකිරීම - විත්තිකරුවන් 08කුට මරණ දඬුවම

පුද්ගල ඝාතන සිදුකිරීමේ චෝදනාවකට වරදකරුවන් වුණු විත්තිකරුවන් 08 දෙනෙකුට කොළඹ මහාධිකරණය මරණ දඬුවම නියම කළා.

1997 වසරේ සැප්තැම්බර් මස 21 වනදා හෝ ඊට ආසන්න දිනයක කොළඹ අධිකරණය බලසීමාවට අයත් තාරාවත්ත ප්‍රදේශයේ දී ද්විපුද්ගල ඝාතනයක් සහ තවත් කිහිපදෙනෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා තිබුණි

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විත්තිකරුවන් 8 දෙනෙකුට මරණ දඬුවම නියම කිරීමටයි කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික ශ්‍රී රාගල මහතා නියෝග කළේ.

විත්තිකරුවන් 7 දෙනෙකු අද (08) දින අධිකරණයේ පෙනී සිටි අතර එක් අයෙකු නොමැතිවයි නඩුව විභාග කෙරුණේ.

මේ අතර මහාභාණ්ඩාගාරයේ ඇමෙරිකා ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර්වරුන් අතර පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් රටවල් 5කින් තොරතුරු ඉල්ලා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාශය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුනි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com