‘රටම එකට’ මෙහෙයුමෙන් අත්අඩංගුවට ගත් ගණන 214,333ක් දක්වා ඉහළට

0
'රටම එකට' මෙහෙයුමෙන් අත්අඩංගුවට ගත් ගණන 214,333ක් දක්වා ඉහළට

'රටම එකට' මෙහෙයුමෙන් අත්අඩංගුවට ගත් ගණන 214,333ක් දක්වා ඉහළට

‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ කළ දින සිට ඊයේ (25) දිනය දක්වා වූ කාලසීමාව තුළ වැටලීම් 215,526ක් සිදු කර ඇති අතර සැකකරුවන් 214,333ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

මෙරට තුළ ව්‍යාප්තව පවතින මත්ද්‍රව්‍ය ජාවාරම සහමුලින්ම මැඩපැවැත්වීම අරමුණු කරගනිමින් 2025 ඔක්තෝබර් 30 වන දින සිට “රටම එකට” ජාතික මෙහෙයුම ක්‍රියාත්මක කරනු ලබයි.

පොලිස්පතිවරයාගේ උපදෙස් මත ක්‍රියාත්මක වන මෙම මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම මඟින් දිවයින පුරා මත්ද්‍රව්‍ය සැපයුම අඩාල කිරීම, මත්ද්‍රව්‍ය සඳහා ඇති ඉල්ලුම අවම කිරීම සහ ඇබ්බැහිවූවන් පුනරුත්තාපනය කිරීම ඇතුළු බහු විධ ප්‍රවේශයන් රැසක් ක්‍රියාවට නංවා තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතුරින් පුද්ගලයන් 3,112 දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගෙන විමර්ශන පවත්වාගෙන යන අතර, තවත් සැකකරුවන් 360 දෙනෙකුගේ නීති විරෝධී වත්කම් පිළිබඳ විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.

මීට අමතරව, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයන් 2,188 දෙනෙකු පුනරුත්තාපන කටයුතු සඳහා යොමු කිරීමටද පියවර ගෙන ඇත.

මෙම වැටලීම්වලදී සොයාගන්නා ලද ප්‍රධාන මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ කළ දින සිට (25) දිනය දක්වා වූ කාලසීමාව තුළ වැටලීම් 215,526ක් සිදු කර ඇති අතර සැකකරුවන් 214,333ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

මෙරට තුළ ව්‍යාප්තව පවතින මත්ද්‍රව්‍ය ජාවාරම සහමුලින්ම මැඩපැවැත්වීම අරමුණු කරගනිමින් 2025 ඔක්තෝබර් 30 වන දින සිට “රටම එකට” ජාතික මෙහෙයුම ක්‍රියාත්මක කරනු ලබයි.

පොලිස්පතිවරයාගේ උපදෙස් මත ක්‍රියාත්මක වන මෙම මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම මඟින් දිවයින පුරා මත්ද්‍රව්‍ය සැපයුම අඩාල කිරීම, මත්ද්‍රව්‍ය සඳහා ඇති ඉල්ලුම අවම කිරීම සහ ඇබ්බැහිවූවන් පුනරුත්තාපනය කිරීම ඇතුළු බහු විධ ප්‍රවේශයන් රැසක් ක්‍රියාවට නංවා තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතුරින් පුද්ගලයන් 3,112 දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගෙන විමර්ශන පවත්වාගෙන යන අතර, තවත් සැකකරුවන් 360 දෙනෙකුගේ නීති විරෝධී වත්කම් පිළිබඳ විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.

මීට අමතරව, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයන් 2,188 දෙනෙකු පුනරුත්තාපන කටයුතු සඳහා යොමු කිරීමටද පියවර ගෙන ඇත.

මෙම වැටලීම්වලදී සොයාගන්නා ලද ප්‍රධාන මත්ද්‍රව්‍ය ප්‍රමාණයන්ද පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව, වැටලීම් 69,951කදී හෙරොයින් කිලෝග්‍රෑම් 1,963ක් සහ ග්‍රෑම් 863ක්ද, වැටලීම් 82,594කදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2,119ක් සහ ග්‍රෑම් 629ක්ද පොලිස් භාරයට ගෙන ඇත.

එමෙන්ම වැටලීම් 189කදී කොකේන් කිලෝග්‍රෑම් 288ක් සහ ග්‍රෑම් 864ක් සොයාගෙන ඇති අතර, වැටලීම් 47,905ක් හරහා ගංජා කිලෝග්‍රෑම් 5,817ක්, ග්‍රෑම් 714ක් සහ ගංජා පැළ 12,899,201ක් සොයාගෙන තිබේ.

තවද, මෙම මෙහෙයුම්වලදී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 479ක් සහ ග්‍රෑම් 246ක් ද, හෂිෂ් කිලෝග්‍රෑම් 312ක් සහ ග්‍රෑම් 291ක් ද පොලීසිය සිය භාරයට ගෙන ඇත. ද පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව, වැටලීම් 69,951කදී හෙරොයින් කිලෝග්‍රෑම් 1,963ක් සහ ග්‍රෑම් 863ක් , වැටලීම් 82,594කදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2,119ක් සහ ග්‍රෑම් 629ක් ද පොලිස් භාරයට ගෙන ඇත.

එමෙන්ම වැටලීම් 189කදී කොකේන් කිලෝග්‍රෑම් 288ක් සහ ග්‍රෑම් 864ක් සොයාගෙන ඇති අතර, වැටලීම් 47,905ක් හරහා ගංජා කිලෝග්‍රෑම් 5,817ක්, ග්‍රෑම් 714ක් සහ ගංජා පැළ 12,899,201ක් සොයාගෙන තිබේ.

තවද, මෙම මෙහෙයුම්වලදී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 479ක් සහ ග්‍රෑම් 246ක්ද, හෂිෂ් කිලෝග්‍රෑම් 312ක් සහ ග්‍රෑම් 291ක් ද පොලීසිය සිය භාරයට ගෙන ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com