වසර 20කට පසු පැවැත්වීමට තිබූ පලස්තීන මැතිවරණය ලබන වසර දක්වා කල් යයි!
පලස්තීන ව්‍යවස්ථාදායක මැතිවරණ ලබන වසර දක්වා කල් දමා තිබේ.
ලබන මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ පලස්තීන ව්‍යවස්ථාදායක මැතිවරණය ලබන වසරේ සැප්තැම්බර් දක්වා කල් දමන බව ජනාධිපති මහමුද් අබ්බාස් නිවේදනය කර ඇත.
මැතිවරණ කල් දැමීම පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා පත් කරන ලද ජ්‍යෙෂ්ඨ පලස්තීන නිලධාරීන් කණ්ඩායමක් සෙනසුරාදා (10) රැස්වීමෙන් පසුව මෙම නිවේදනය නිකුත් කර ඇත.
පලස්තීන ව්‍යවස්ථාදායක මැතිවරණය නොවැම්බර් 28 වන දින පැවැත්වීමට නියමිතව තිබූ අතර එය වසර 20 කට පසු පළමු අවස්ථාව මෙයයි. කෙසේ වෙතත්, ජනාධිපති මහමුද් අබ්බාස් නිවේදනය කර ඇත්තේ මෙම ව්‍යවස්ථාදායක මැතිවරණ 2027 සැප්තැම්බර් 11 වන දින පැවැත්වීමට නියමිත පලස්තීන ජනාධිපති මැතිවරණයට සමගාමීව පවත්වන බවයි.
