පාකි­ස්තා­නයේ නව අය­වැ­යක්, ආර­ක්ෂක වියදම රුපි­යල් ට්‍රිලි­යන 3ක්

0
සෞදි අරා­බිය සහ පාකි­ස්තා­නය අතර ඩො.බි 10ක ආර­ක්ෂක ගිවි­සු­මක්

සෞදි අරා­බිය සහ පාකි­ස්තා­නය අතර ඩො.බි 10ක ආර­ක්ෂක ගිවි­සු­මක්

ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ වැඩ­ස­ට­හන පව­ත්වා­ගෙන යෑමේ උත්සා­හය මධ්‍යයේ පාකි­ස්තා­නය රජය ජූලි මාස­යෙන් ආරම්භ වන මූල්‍ය වර්ෂය සඳහා රුපි­යල් ට්‍රිලි­යන 18.77ක අය­වැ­යක් එරට පාර්ලි­මේ­න්තු­වට ඉදි­රි­පත් කර ඇතැයි රොයි­ටර් පුවත් සේවය වාර්තා කළේය.

මුදල් අමාත්‍ය මොහො­මඩ් අවු­රං­සාබ් පාර්ලි­මේ­න්තු­වේදී ප්‍රකාශ කර ඇත්තේ රට තුළ දේශ­පා­ලන අර්බුද මතු­වීම වළක්වා ගැනී­මට සහ ආර­ක්ෂක විය­දම් ඉහළ නැංවීම මෙවර අය­වැය යෝජ­නාවේ අර­මුණ බවය. මේ සඳහා සංව­ර්ධන විය­දම් සීමා කිරි­ම­ටත්, ඉහළ බදු ඉලක්ක පැන­වී­ම­ටත් පාකි­ස්තාන රජය පිය­වර ගෙන ඇති අතර, ආර­ක්ෂක අංශ වෙනු­වෙන් රුපි­යල් ට්‍රිලි­යන 3ක් වෙන් කරන බව මුදල් අමා­ත්‍ය­ව­රයා පාර්ලි­මේ­න්තු­වේදී සඳ­හන් කර ඇතැයි රොයි­ටර් පුවත් සේවය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. එය ආර­ක්ෂක අය­වැය පසු­ගිය වස­රට වඩා 18%ක ඉහළ යෑමක් බවද වාර්තා වේ.

කෙසේ වෙතත් විවිධ ක්ෂේත්‍ර යටතේ අසී­මිත බදු පැන­වී­මට පිය­වර ගනු ලැබු­වද, එරට ආදා­යම් මණ්ඩ­ලය සිය ඉලක්ක සපුරා ගැනී­මට අස­මත් වී ඇති අතර, මුදල් අමා­ත්‍ය­ව­රයා ප්‍රකාශ කර ඇත්තේ මෙවර රුපි­යල් ට්‍රිලි­යන 15.26ක ආදා­යම් ඉල­ක්ක­යක් නියම කර ඇති බවය. පාකි­ස්තා­නයේ වත්මන් අග­මැති ශෙබාස් ෂරීෆ් යටතේ ඉදි­රි­පත් කර ඇති පස්වැනි අය­වැය මෙය බවද වාර්තා වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com