පාකිස්තානයේ නව අයවැයක්, ආරක්ෂක වියදම රුපියල් ට්‍රිලියන 3ක්
සෞදි අරාබිය සහ පාකිස්තානය අතර ඩො.බි 10ක ආරක්ෂක ගිවිසුමක්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන පවත්වාගෙන යෑමේ උත්සාහය මධ්‍යයේ පාකිස්තානය රජය ජූලි මාසයෙන් ආරම්භ වන මූල්‍ය වර්ෂය සඳහා රුපියල් ට්‍රිලියන 18.77ක අයවැයක් එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.
මුදල් අමාත්‍ය මොහොමඩ් අවුරංසාබ් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇත්තේ රට තුළ දේශපාලන අර්බුද මතුවීම වළක්වා ගැනීමට සහ ආරක්ෂක වියදම් ඉහළ නැංවීම මෙවර අයවැය යෝජනාවේ අරමුණ බවය. මේ සඳහා සංවර්ධන වියදම් සීමා කිරිමටත්, ඉහළ බදු ඉලක්ක පැනවීමටත් පාකිස්තාන රජය පියවර ගෙන ඇති අතර, ආරක්ෂක අංශ වෙනුවෙන් රුපියල් ට්‍රිලියන 3ක් වෙන් කරන බව මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී සඳහන් කර ඇතැයි රොයිටර් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය. එය ආරක්ෂක අයවැය පසුගිය වසරට වඩා 18%ක ඉහළ යෑමක් බවද වාර්තා වේ.
කෙසේ වෙතත් විවිධ ක්ෂේත්‍ර යටතේ අසීමිත බදු පැනවීමට පියවර ගනු ලැබුවද, එරට ආදායම් මණ්ඩලය සිය ඉලක්ක සපුරා ගැනීමට අසමත් වී ඇති අතර, මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ මෙවර රුපියල් ට්‍රිලියන 15.26ක ආදායම් ඉලක්කයක් නියම කර ඇති බවය. පාකිස්තානයේ වත්මන් අගමැති ශෙබාස් ෂරීෆ් යටතේ ඉදිරිපත් කර ඇති පස්වැනි අයවැය මෙය බවද වාර්තා වේ.





