සරසවි සිසුන් 16,000කට අලුතින් නේවාසිකාගාර පහසුකම්
සරසවි සිසුන් 16,000කට අලුතින් නේවාසිකාගාර පහසුකම්
රාජ්‍ය විශ්වවිද්‍යාලවල සිසුන් 16,000ක් සඳහා නව නේවාසිකාගාර ව්‍යාපෘති 55ක් ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් අධ්‍යාපන අංශය සඳහන් කරයි.
එම ව්‍යාපෘති අදියර 3කින් ක්‍රියාත්මක වන අතර එක් එක් විශ්වවිද්‍යාල සඳහා ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල වත්මන් ප්‍රගතිය දක්වා ඇත.
නැඟෙනහිර විශ්වවිද්‍යාලය තුළ නව නේවාසිකාගාර ව්‍යාපෘති 05ක් ක්‍රියාත්මක වන අතර Model A (සිසුන් 400) වර්ගයේ නේවාසිකාගාර 03ක් සහ Model B (සිසුන් 200) වර්ගයේ නේවාසිකාගාර 02ක් ගොඩනැඟීම සිදු කරයි. සරසවි සිසුන් 1,600කට එමඟින් නේවාසික පහසුකම් ලැබෙන අතර එක් නේවාසිකාගාරයක් ඉදිකිරීමේ මිලගණන් කැඳවීම් (Bids) 2026 අප්‍රේල් 30 වැනිදා විවෘත කර තිබේ. දැනට සුදුසුම ආයතනය තෝරාගැනීමේ ඇගයීම් කටයුතු සිදු කරයි.
යාපනය විශ්වවිද්‍යාලය තුළ නව නේවාසිකාගාර ව්‍යාපෘති 02ක් ක්‍රියාත්මක අතර Model A (සිසුන් 400) වර්ගයේ නේවාසිකාගාර 01ක් සහ Model B (සිසුන් 200) වර්ගයේ නේවාසිකාගාර 01ක් ගොඩනැඟීම සිදු කරයි. සරසවි සිසුන් 600කට එමඟින් පහසුකම් ලැබෙන අතර එක් නේවාසිකාගාරයක් ඉදිකිරීමේ ටෙන්ඩර් මිලගණන් 2026 අප්‍රේල් 02 වැනිදා විවෘත කර තිබේ. විශ්වවිද්‍යාලය මඟින් එම යෝජනා ඇගයීමේ කටයුතු මේ දිනවල ක්‍රියාත්මක කරයි.
සබරගමුව විශ්වවිද්‍යාලය තුළ නව නේවාසිකාගාර ව්‍යාපෘති 07ක් ක්‍රියාත්මක අතර Model A (සිසුන් 400) වර්ගයේ නේවාසිකාගාර 04ක් සහ Model B (සිසුන් 200) වර්ගයේ නේවාසිකාගාර 03ක් ඉදිකිරීමට නියමිතය. සරසවි සිසුන් 2,200කට මෙමඟින් පහසුකම් සැලසෙන අතර එක් නේවාසිකාගාරයක් ඉදිකිරීමේ ටෙන්ඩර් මිලගණන් කැඳවීමේ කටයුතු 2026 මැයි 20 වැනිදා සිදු කර ඇත.
අග්නිදිග විශ්වවිද්‍යාලය තුළ නව නේවාසිකාගාර ව්‍යාපෘති 06ක් ක්‍රියාත්මක අතර Model A (සිසුන් 400) වර්ගයේ නේවාසිකාගාර 04ක් සහ Model B (සිසුන් 200) වර්ගයේ නේවාසිකාගාර 02ක් ඉදි කරයි. එමඟින් සරසවි සිසුන් 2, 000ක් පහසුකම් ලබන අතර එක් නේවාසිකාගාරයක් ඉදිකිරීම සඳහා වන ටෙන්ඩර් මිලගණන් 2026 මැයි 21 වැනිදා නිල වශයෙන් විවෘත කර ඉදිරි පියවර ගනිමින් පවතී.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය තුළ නව නේවාසිකාගාර ව්‍යාපෘති 04ක් ක්‍රියාත්මක අතර Model A (සිසුන් 400) වර්ගයේ නේවාසිකාගාර 02ක් සහ Model B (සිසුන් 200) වර්ගයේ නේවාසිකාගාර 02ක් ගොඩනඟයි. සරසවි සිසුන් 1,200ක් එමඟින් පහසුකම් ලබන අතර එක් නේවාසිකාගාරයක් ඉදිකිරීම සඳහා වන නිල ටෙන්ඩර් සහ නීතිමය ලියකියවිලි (Bidding Documents) සකස් කිරීමේ කටයුතු මේ වන විට සිදු කරයි.
රජරට විශ්වවිද්‍යාලය තුළ නව නේවාසිකාගාර ව්‍යාපෘති 07ක් ක්‍රියාත්මක අතර Model A (සිසුන් 400) වර්ගයේ නේවාසිකාගාර 04ක් සහ Model B (සිසුන් 200) වර්ගයේ නේවාසිකාගාර 03ක් ඉදි කරයි. එමඟින් සරසවි සිසුන් 2, 200ක් පහසුකම් ලබන අතර එක් නේවාසිකාගාරයක් ඉදි කිරීමට ඉදිකිරීම්කරුවන් තෝරා ගැනීම සඳහා වන මිල ගණන් කැඳවීම් 2026 මැයි 21 වැනිදා සාර්ථකව විවෘත කර ඇත.
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය තුළ නව නේවාසිකාගාර ව්‍යාපෘති 06ක් ක්‍රියාත්මක අතර Model A (සිසුන් 400) වර්ගයේ නේවාසිකාගාර 03ක් සහ Model B (සිසුන් 200) වර්ගයේ නේවාසිකාගාර 03ක් ඉදිකරයි. සරසවි සිසුන් 1,800ක් එමඟින් පහසුකම් ලබයි. එක් නේවාසිකාගාරයක් ඉදිකිරීමට සමාගම් සමඟ මූලික සාකච්ඡා (Pre-bid meeting) පවත්වා ඇති අතර, මිලගණන් කැඳවීම 2026 මැයි 22 වැනිදා සිදු කර ඇත.
වවුනියාව විශ්වවිද්‍යාලය තුළ නව නේවාසිකාගාර ව්‍යාපෘති 04ක් ඉදිකරන අතර Model A (සිසුන් 400) වර්ගයේ නේවාසිකාගාර 02ක් සහ Model B (සිසුන් 200) වර්ගයේ නේවාසිකාගාර 02ක් ඉදිකරයි. සරසවි සිසුන් 1,200ක් එමඟින් පහසුකම් ලබන අතර එක් නේවාසිකාගාරයක් සඳහා මිලගණන් ඇගයීමේ වාර්තාව (Technical Evaluation Report) මේ වන විට සකස් වෙමින් පවතී.
මොරටුව විශ්වවිද්‍යාලය තුළ නව නේවාසිකාගාර ව්‍යාපෘති 02ක් ක්‍රියාවට නැංවෙන අතර Model B (සිසුන් 200) වර්ගයේ නේවාසිකාගාර 02ක් ඉදිකරයි. එමඟින් පහසුකම් ලබන මුළු සිසුන් සංඛ්‍යාව 400කි. එහි වත්මන් ප්‍රගතිය වනුයේ එක් නේවාසිකාගාරයක් සඳහා 2026 මැයි 17 වැනිදා වන විට මිල ගණන් කැඳවීම් අරඹා ඇත.
වයඹ විශ්වවිද්‍යාලය තුළ නව නේවාසිකාගාර ව්‍යාපෘති 04ක් ක්‍රියාත්මක අතර Model A (සිසුන් 400) වර්ගයේ නේවාසිකාගාර 02ක් සහ Model B (සිසුන් 200) වර්ගයේ නේවාසිකාගාර 02ක් ඉදිකරයි. එමඟින් සරසවි සිසුන් 1,200ක් පහසුකම් ලබන අතර එක් නේවාසිකාගාරයක් සඳහා ටෙන්ඩර් ලේඛනය පිළියෙල කිරීමේ කටයුතු මේ වන විට සිදු කරමින් ඇත.
රුහුණ විශ්වවිද්‍යාලය තුළ නව නේවාසිකාගාර ව්‍යාපෘති 04ක් ක්‍රියාත්මක අතර Model B (සිසුන් 200) වර්ගයේ නේවාසිකාගාර 04ක් ඉදිකරයි. එමඟින් පහසුකම් ලබන මුළු සිසුන් සංඛ්‍යාව 800කි. එහි වත්මන් ප්‍රගතිය වනුයේ එක් නේවාසිකාගාරයක් ඉදිකිරීම සඳහා වැඩබිම තුළ ප්‍රායෝගික වැඩ අරඹමින්, ඉදිකිරීමට නියමිත භූමිය සකස් කිරීමේ කටයුතු මේ වන විට සියයට 75ක් නිම කර ඇත.
ත්‍රිකුණාමලය මණ්ඩපය තුළ නව නේවාසිකාගාර ව්‍යාපෘති 02ක් ක්‍රියාත්මක අතර Model B (සිසුන් 200) වර්ගයේ නේවාසිකාගාර 02ක් ඉදිකරයි. එමඟින් සරසවි සිසුන් 400ක් පහසුකම් ලබන අතර සැලසුම් කර ඉදිකිරීමේ (Design and Build) පදනම මත එක් නේවාසිකාගාරයක් ඉදිකිරීම සඳහා 2026 අප්‍රේල් 09 සිට මැයි 27 දක්වා කාලය තුළ මිල ගණන් කැඳවා අවසන් කර ඇත.
ගම්පහ වික්‍රමාරච්චි විශ්වවිද්‍යාලය තුළ නව නේවාසිකාගාර ව්‍යාපෘති 02ක් ඉදි කරන අතර Model B (සිසුන් 200) වර්ගයේ නේවාසිකාගාර 02ක් ඉදිකරයි. එමඟින් පහසුකම් ලබන මුළු සිසුන් සංඛ්‍යාව 400කි. එහි වත්මන් ප්‍රගතිය වනුයේ එක් නේවාසිකාගාරයක් ඉදිකිරීම සඳහා භූමිය තෝරා ගැනීමේ කටයුතු සිදු වෙමින් පවතින අතර, සැලසුම් කර ඉදිකිරීමේ ක්‍රමවේදයට අනුමැතිය හිමිව ඇත.




