සර­සවි සිසුන් 16,000කට අලු­තින් නේවා­සි­කා­ගාර පහ­සු­කම්

0
සර­සවි සිසුන් 16,000කට අලු­තින් නේවා­සි­කා­ගාර පහ­සු­කම්

සර­සවි සිසුන් 16,000කට අලු­තින් නේවා­සි­කා­ගාර පහ­සු­කම්

රාජ්‍ය විශ්ව­වි­ද්‍යා­ල­වල සිසුන් 16,000ක් සඳහා නව නේවා­සි­කා­ගාර ව්‍යාපෘති 55ක් ක්‍රියා­ත්මක කරන බව අධ්‍යා­පන, උසස් අධ්‍යා­පන හා වෘත්තීය අධ්‍යා­පන අමා­ත්‍යාං­ශයේ උසස් අධ්‍යා­පන අංශය සඳ­හන් කරයි.

එම ව්‍යාපෘති අදි­යර 3කින් ක්‍රියා­ත්මක වන අතර එක් එක් විශ්ව­වි­ද්‍යාල සඳහා ක්‍රියා­ත්මක වන ව්‍යාපෘ­ති­වල වත්මන් ප්‍රග­තිය දක්වා ඇත.

නැඟෙ­න­හිර විශ්ව­වි­ද්‍යා­ලය තුළ නව නේවා­සි­කා­ගාර ව්‍යාපෘති 05ක් ක්‍රියා­ත්මක වන අතර Model A (සිසුන් 400) වර්ගයේ නේවා­සි­කා­ගාර 03ක් සහ Model B (සිසුන් 200) වර්ගයේ නේවා­සි­කා­ගාර 02ක් ගොඩ­නැ­ඟීම සිදු කරයි. සර­සවි සිසුන් 1,600කට එම­ඟින් නේවා­සික පහ­සු­කම් ලැබෙන අතර එක් නේවා­සි­කා­ගා­ර­යක් ඉදි­කි­රීමේ මිල­ග­ණන් කැඳ­වීම් (Bids) 2026 අප්‍රේල් 30 වැනිදා විවෘත කර තිබේ. දැනට සුදු­සුම ආය­ත­නය තෝරා­ගැ­නීමේ ඇග­යීම් කට­යුතු සිදු කරයි.

යාප­නය විශ්ව­වි­ද්‍යා­ලය තුළ නව නේවා­සි­කා­ගාර ව්‍යාපෘති 02ක් ක්‍රියා­ත්මක අතර Model A (සිසුන් 400) වර්ගයේ නේවා­සි­කා­ගාර 01ක් සහ Model B (සිසුන් 200) වර්ගයේ නේවා­සි­කා­ගාර 01ක් ගොඩ­නැ­ඟීම සිදු කරයි. සර­සවි සිසුන් 600කට එම­ඟින් පහ­සු­කම් ලැබෙන අතර එක් නේවා­සි­කා­ගා­ර­යක් ඉදි­කි­රීමේ ටෙන්ඩර් මිල­ග­ණන් 2026 අප්‍රේල් 02 වැනිදා විවෘත කර තිබේ. විශ්ව­වි­ද්‍යා­ලය මඟින් එම යෝජනා ඇග­යීමේ කට­යුතු මේ දින­වල ක්‍රියා­ත්මක කරයි.

සබ­ර­ග­මුව විශ්ව­වි­ද්‍යා­ලය තුළ නව නේවා­සි­කා­ගාර ව්‍යාපෘති 07ක් ක්‍රියා­ත්මක අතර Model A (සිසුන් 400) වර්ගයේ නේවා­සි­කා­ගාර 04ක් සහ Model B (සිසුන් 200) වර්ගයේ නේවා­සි­කා­ගාර 03ක් ඉදි­කි­රී­මට නිය­මි­තය. සර­සවි සිසුන් 2,200කට මෙම­ඟින් පහ­සු­කම් සැල­සෙන අතර එක් නේවා­සි­කා­ගා­ර­යක් ඉදි­කි­රීමේ ටෙන්ඩර් මිල­ග­ණන් කැඳ­වීමේ කට­යුතු 2026 මැයි 20 වැනිදා සිදු කර ඇත.

අග්නි­දිග විශ්ව­වි­ද්‍යා­ලය තුළ නව නේවා­සි­කා­ගාර ව්‍යාපෘති 06ක් ක්‍රියා­ත්මක අතර Model A (සිසුන් 400) වර්ගයේ නේවා­සි­කා­ගාර 04ක් සහ Model B (සිසුන් 200) වර්ගයේ නේවා­සි­කා­ගාර 02ක් ඉදි කරයි. එම­ඟින් සර­සවි සිසුන් 2, 000ක් පහ­සු­කම් ලබන අතර එක් නේවා­සි­කා­ගා­ර­යක් ඉදි­කි­රීම සඳහා වන ටෙන්ඩර් මිල­ග­ණන් 2026 මැයි 21 වැනිදා නිල වශ­යෙන් විවෘත කර ඉදිරි පිය­වර ගනි­මින් පවතී.

ශ්‍රී ජය­ව­ර්ධ­න­පුර විශ්ව­වි­ද්‍යා­ලය තුළ නව නේවා­සි­කා­ගාර ව්‍යාපෘති 04ක් ක්‍රියා­ත්මක අතර Model A (සිසුන් 400) වර්ගයේ නේවා­සි­කා­ගාර 02ක් සහ Model B (සිසුන් 200) වර්ගයේ නේවා­සි­කා­ගාර 02ක් ගොඩ­න­ඟයි. සර­සවි සිසුන් 1,200ක් එම­ඟින් පහ­සු­කම් ලබන අතර එක් නේවා­සි­කා­ගා­ර­යක් ඉදි­කි­රීම සඳහා වන නිල ටෙන්ඩර් සහ නීති­මය ලිය­කි­ය­විලි (Bidding Documents) සකස් කිරීමේ කට­යුතු මේ වන විට සිදු කරයි.

රජ­රට විශ්ව­වි­ද්‍යා­ලය තුළ නව නේවා­සි­කා­ගාර ව්‍යාපෘති 07ක් ක්‍රියා­ත්මක අතර Model A (සිසුන් 400) වර්ගයේ නේවා­සි­කා­ගාර 04ක් සහ Model B (සිසුන් 200) වර්ගයේ නේවා­සි­කා­ගාර 03ක් ඉදි කරයි. එම­ඟින් සර­සවි සිසුන් 2, 200ක් පහ­සු­කම් ලබන අතර එක් නේවා­සි­කා­ගා­ර­යක් ඉදි කිරී­මට ඉදි­කි­රී­ම්ක­රු­වන් තෝරා ගැනීම සඳහා වන මිල ගණන් කැඳ­වීම් 2026 මැයි 21 වැනිදා සාර්ථ­කව විවෘත කර ඇත.

ඌව වෙල්ලස්ස විශ්ව­වි­ද්‍යා­ලය තුළ නව නේවා­සි­කා­ගාර ව්‍යාපෘති 06ක් ක්‍රියා­ත්මක අතර Model A (සිසුන් 400) වර්ගයේ නේවා­සි­කා­ගාර 03ක් සහ Model B (සිසුන් 200) වර්ගයේ නේවා­සි­කා­ගාර 03ක් ඉදි­ක­රයි. සර­සවි සිසුන් 1,800ක් එම­ඟින් පහ­සු­කම් ලබයි. එක් නේවා­සි­කා­ගා­ර­යක් ඉදි­කි­රී­මට සමා­ගම් සමඟ මූලික සාකච්ඡා (Pre-bid meeting) පවත්වා ඇති අතර, මිල­ග­ණන් කැඳ­වීම 2026 මැයි 22 වැනිදා සිදු කර ඇත.

වවු­නි­යාව විශ්ව­වි­ද්‍යා­ලය තුළ නව නේවා­සි­කා­ගාර ව්‍යාපෘති 04ක් ඉදි­ක­රන අතර Model A (සිසුන් 400) වර්ගයේ නේවා­සි­කා­ගාර 02ක් සහ Model B (සිසුන් 200) වර්ගයේ නේවා­සි­කා­ගාර 02ක් ඉදි­ක­රයි. සර­සවි සිසුන් 1,200ක් එම­ඟින් පහ­සු­කම් ලබන අතර එක් නේවා­සි­කා­ගා­ර­යක් සඳහා මිල­ග­ණන් ඇග­යීමේ වාර්තාව (Technical Evaluation Report) මේ වන විට සකස් වෙමින් පවතී.

මොර­ටුව විශ්ව­වි­ද්‍යා­ලය තුළ නව නේවා­සි­කා­ගාර ව්‍යාපෘති 02ක් ක්‍රියා­වට නැංවෙන අතර Model B (සිසුන් 200) වර්ගයේ නේවා­සි­කා­ගාර 02ක් ඉදි­ක­රයි. එම­ඟින් පහ­සු­කම් ලබන මුළු සිසුන් සංඛ්‍යාව 400කි. එහි වත්මන් ප්‍රග­තිය වනුයේ එක් නේවා­සි­කා­ගා­ර­යක් සඳහා 2026 මැයි 17 වැනිදා වන විට මිල ගණන් කැඳ­වීම් අරඹා ඇත.

වයඹ විශ්ව­වි­ද්‍යා­ලය තුළ නව නේවා­සි­කා­ගාර ව්‍යාපෘති 04ක් ක්‍රියා­ත්මක අතර Model A (සිසුන් 400) වර්ගයේ නේවා­සි­කා­ගාර 02ක් සහ Model B (සිසුන් 200) වර්ගයේ නේවා­සි­කා­ගාර 02ක් ඉදි­ක­රයි. එම­ඟින් සර­සවි සිසුන් 1,200ක් පහ­සු­කම් ලබන අතර එක් නේවා­සි­කා­ගා­ර­යක් සඳහා ටෙන්ඩර් ලේඛ­නය පිළි­යෙල කිරීමේ කට­යුතු මේ වන විට සිදු කර­මින් ඇත.

රුහුණ විශ්ව­වි­ද්‍යා­ලය තුළ නව නේවා­සි­කා­ගාර ව්‍යාපෘති 04ක් ක්‍රියා­ත්මක අතර Model B (සිසුන් 200) වර්ගයේ නේවා­සි­කා­ගාර 04ක් ඉදි­ක­රයි. එම­ඟින් පහ­සු­කම් ලබන මුළු සිසුන් සංඛ්‍යාව 800කි. එහි වත්මන් ප්‍රග­තිය වනුයේ එක් නේවා­සි­කා­ගා­ර­යක් ඉදි­කි­රීම සඳහා වැඩ­බිම තුළ ප්‍රායෝ­ගික වැඩ අර­ඹ­මින්, ඉදි­කි­රී­මට නිය­මිත භූමිය සකස් කිරීමේ කට­යුතු මේ වන විට සිය­යට 75ක් නිම කර ඇත.

ත්‍රිකු­ණා­ම­ලය මණ්ඩ­පය තුළ නව නේවා­සි­කා­ගාර ව්‍යාපෘති 02ක් ක්‍රියා­ත්මක අතර Model B (සිසුන් 200) වර්ගයේ නේවා­සි­කා­ගාර 02ක් ඉදි­ක­රයි. එම­ඟින් සර­සවි සිසුන් 400ක් පහ­සු­කම් ලබන අතර සැල­සුම් කර ඉදි­කි­රීමේ (Design and Build) පද­නම මත එක් නේවා­සි­කා­ගා­ර­යක් ඉදි­කි­රීම සඳහා 2026 අප්‍රේල් 09 සිට මැයි 27 දක්වා කාලය තුළ මිල ගණන් කැඳවා අව­සන් කර ඇත.

ගම්පහ වික්‍ර­මා­රච්චි විශ්ව­වි­ද්‍යා­ලය තුළ නව නේවා­සි­කා­ගාර ව්‍යාපෘති 02ක් ඉදි කරන අතර Model B (සිසුන් 200) වර්ගයේ නේවා­සි­කා­ගාර 02ක් ඉදි­ක­රයි. එම­ඟින් පහ­සු­කම් ලබන මුළු සිසුන් සංඛ්‍යාව 400කි. එහි වත්මන් ප්‍රග­තිය වනුයේ එක් නේවා­සි­කා­ගා­ර­යක් ඉදි­කි­රීම සඳහා භූමිය තෝරා ගැනීමේ කට­යුතු සිදු වෙමින් පව­තින අතර, සැල­සුම් කර ඉදි­කි­රීමේ ක්‍රම­වේ­ද­යට අනු­මැ­තිය හිමිව ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com