පියයුරු පිළිකා හඳුනා ගැනීම සහ ප‍්‍රතිකාර සඳහා අත්‍යාවශ්‍ය රු.මි. 765ක් වටිනා මැමෝග්‍රැෆි යන්ත්‍ර 05ක් මෙරට රෝහල් පද්ධතියට
පියයුරු පිළිකා හඳුනා ගැනීම සහ ප‍්‍රතිකාර සඳහා අත්‍යාවශ්‍ය රු.මි. 765ක් වටිනා මැමෝග්‍රැෆි යන්ත්‍ර 05ක් මෙරට රෝහල් පද්ධතියට
කාන්තාවන් අතර බහුලවම දක්නට ලැබෙන පියයුරු පිළිකා සහ පියයුරුවල ඇති වන වෙනත් අසාමාන්‍ය ගැටිති හෝ වෙනස්කම් ඉතා මුල් අවධියේදීම හඳුනා ගැනීමට සහ පසු ප්‍රතිකාර සේවා සඳහා භාවිතා කරනු ලබන අතිනවීන මැමෝගැෆි යන්ත්‍ර (Mammography Machines) 05ක් දිවයිනේ පිළිකා ප්‍රතිකාර සේවාවන් සිදු කරනු ලබන ප්‍රධාන රෝහල් 05ක් වෙත ලබාදීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු සූදානම් කර තිබෙනවා.
මෙරට සෞඛ්‍ය සේවාවේ භෞතික සම්පත් ඉහළ නංවමින් ජනතාවට ලබාදෙනු ලබන ප්‍රතිකාර සේවාවන් විධිමත්ව සහ වඩා කාර්යක්ෂමව සිදු කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් හා මඟ පෙන්වීම යටතේ නිශ්චිත සැලසුම් කරන ලද වැඩපිළිවෙළක් මේ වනවිට ක්‍රියාවට නංවා තිබෙනවා.
ඒ අනුව කොළඹ ජාතික රෝහල, ගාල්ල කරාපිටිය ජාතික රෝහල, නුවර ජාතික රෝහල, අනුරාධපුර ශික්ෂණ රෝහල සහ අපේක්ෂා රෝහල යන රෝහල් තුළින් ලබාදෙන රෝගී ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීම සඳහා මෙම මැමෝග්‍රැෆි යන්ත්‍ර ලබාදීමට නියමිතයි.
මෙම එක් මැමෝග්‍රැෆි යන්ත්‍රයක වටිනාකම රුපියල් මිලියන 153 ක්.
සමස්ත උපකරණවල මුළු වටිනාකම රුපියල් මිලියන 765ක් වනවා.
සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය (HSEP) සහ ආසියානු සංවර්ධන බැංකුව (ADB) මේ සඳහාමූල්‍ය ප්‍රතිපාදන සපයා තිබෙනවා.
මෙම වැඩපිළිවෙළට අමතරව හදිසි අවශ්‍යතාවය මත ත්‍රිකුණාමලය හා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල් 02 සඳහා ද භාවිතා කරන ලද මැමෝග්‍රැෆි යන්ත්‍ර දෙකක් ලබාදීමට ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා තිබෙනවා.
දැනට මැමෝග්‍රැෆි යන්ත්‍ර 16ක් දිවයින පුරා සක්‍රීය සේවයේ යොදවා ඇති අතර, මෙම නව යන්ත්‍ර ලබාදීමත් සමග එම ප්‍රමාණය 23 දක්වා ඉහළ යනු ඇති.
ගාල්ල කරාපිටිය ජාතික රෝහල, කොළඹ ජාතික රෝහල, කළුබෝවිල ශික්ෂණ රෝහල, පේරාදෙණිය ශික්ෂණ රෝහල, මඩකලපුව ශික්ෂණ රෝහල, අනුරාධපුර ශික්ෂණ රෝහල, රාගම ශික්ෂණ රෝහල, යාපනය ශික්ෂණ රෝහල, පොළොන්නරුව මහ රෝහල, කුරුණෑගල මහ රෝහල, බදුල්ල ශික්ෂණ රෝහල, රත්නපුර ශික්ෂණ රෝහල, කල්මුණේ රෝහල,ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහල සහ නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලආදී වශයෙන් මැමෝගැෆි යන්ත්‍ර ස්ථාපිත රෝහල් කිහිපයක් පෙන්වා දිය හැකයි.
රජයේ රෝහල්වල මැමෝගැෆි පරීක්ෂණ සඳහා සාමාන්‍යයෙන් සති කිහිපයක සිට මාස කිහිපයක් දක්වා මේ වනවිට දීර්ඝපොරොත්තු ලේඛන(Waiting lists)පවතිනවා.
සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව රෝගියෙකු ලියාපදිංචි වීදින කිහිපයක් ඇතුළතසියලුම පරීක්ෂණ අවසන් කිරීමට උපදෙස් දී තිබුණද, අධික රෝගීන් සංඛ්‍යාව සහ සීමිත යන්ත්‍ර පහසුකම් හේතුවෙන් මේ වනවිට බොහෝ ප්‍රමාදයන් සිදු වනවා.
මෙම නවීන තාක්ෂණික යන්ත්‍ර සෞඛ්‍ය පද්ධතියට එක්වීම තුළ පොරොත්තු ලේඛන අවම කර ගුණාත්මක හා කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබාදීමට හැකියි.




