බෙලාවියා ගුවන් සේවය නැවත ශ්‍රී ලංකාවට ගුවන් ගමන් අරඹයි

0
බෙලාවියා ගුවන් සේවය නැවත ශ්‍රී ලංකාවට ගුවන් ගමන් ආරම්භ කරයි

බෙලාවියා ගුවන් සේවය නැවත ශ්‍රී ලංකාවට ගුවන් ගමන් ආරම්භ කරයි

බෙලරුස් රාජ්‍යයට අයත් බෙලාවියා ගුවන් සේවය ඔක්තෝබර් 27වනදා සිට නැවතත් ශ්‍රී ලංකාව බලා ගුවන් ගමන් ආරම්භ කරන බව නිවේදනය කර තිබේ.

මෙම ගුවන් සේවය එයාර්බස් ඒ330-200 ගුවන් යානා යොදාගනිමින් අඟහරුවාදා දිනවලදී ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ඒ අනුව මින්ස්ක් නුවරින් පෙ.ව 12:50ට පිටත්වන එම ගුවන් යානය පස්වරු 12.40වන විට මත්තල ගුවන් තොටුපළ වෙත ළඟාවීමට නියමිත බව සඳහන්.

එමෙන්ම මත්තලින් පස්වරු 2:40ට පිටත් වන ගුවන් යානය රාත්‍රී 10:10ට මින්ස්ක් නුවරට ළඟාවීමට නියමිතයි.

ගුවන් ගමන සඳහා ගතවන කාලය දළ වශයෙන් පැය 9ත් 10ත් අතර වන බව වාර්තා වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com