ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයෙන් ලෙබනනයේ 6 දෙනෙකු මරුට

0
ලෙබනනය තුළ මෙහෙයුම් පුළුල් කෙරේ

ලෙබනනය තුළ මෙහෙයුම් පුළුල් කෙරේ

ඊශ්‍රායලය ලෙබනනයට එල්ල කර ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ලෙබනනයේ බේරූට් අගනුවර මුරපොලක් ඉලක්කකරමින් මෙම ප්‍රහාරය එල්ලකර තිබෙනවා.
මියගිය පුද්ගලයින් අතර වෛද්‍යවරු තිදෙනෙකු සිටින බව වාර්තා වනවා.

දෙරට අතර දින 45ක සටන් විරාමයකට එකඟ වී ඇති අවස්ථාවක ඊශ්‍රායල විසින් මෙම ප්‍රහාරය එල්ල කර තිබීම විදෙස් විචාරකයින්ගේ අවධානයට ලක්ව තිබෙනවා.

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ඊශ්‍රායලය සහ ලෙබනනය වොෂින්ටන්හිදී දින දෙකක සාකච්ඡාවලින් අනතුරුව ඔවුන්ගේ අස්ථාවර සටන් විරාමය දීර්ඝ කිරීමට එකඟ වූ බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com