අත්හිටුවා තිබූ වාහන ගාල් කිරීමේ ගාස්තු යළිත්

0
අත්හිටුවා තිබූ වාහන ගාල් කිරීමේ ගාස්තු යළිත්

අත්හිටුවා තිබූ වාහන ගාල් කිරීමේ ගාස්තු යළිත්

කොළඹ නගරයේ තාවකාලිකව නවතා තිබූ රථවාහන නැවතුම් ගාස්තු අද (23) සිට යළි අය කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව හෙට සිට නැවත පෙරවරු 6.00 සුපුරුදු ලෙස වාහන ගාල් කළමණාකරණය සහ ගාස්තු අය කිරීමට මුදල් පිළිබඳ ස්ථාවර කාරක සභාවේදී තීරණය කළ බව නාගරික කොමසාරිස් නිවේදනය කළා.

ඒ ඉන්ධන පිරවුම්හල් අසල පසුගිය දිනවල ඇති වූ වාහන තදබදය හේතුවෙන් නැවතුම් ගාස්තු අය කිරීම තාවතාලිකව දැනුම් දෙනතුරු අත්හිටුවා තිබූ පසුබිමකයි.

දැනට ක්‍රියාත්මක වන QR කේත ක්‍රමය සහ වාහන අංකය අනුව ඉන්ධන නිකුත් කිරීම සිදුවන බැවින් වාහන පෝළිම් මේ වන විට අඩු වී ඇති බව නිරීක්ෂණය වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි කොළඹ මහ නගර සභාව පවසන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com