කියුබාව ඇමෙරිකාවට තර්ජනයක් – ඇමෙරිකා රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ

0
කියුබාව ඇමෙරිකාවට තර්ජනයක් - ඇමෙරිකා රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ

කියුබාව ඇමෙරිකාවට තර්ජනයක් - ඇමෙරිකා රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ

කියුබාව ඇමෙරිකාවට තර්ජනයක් බව ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා පවසනවා.

කියුබාව ඇමෙරිකාවේ ජාතික ආරක්ෂිවට තර්ජනයක් බවයි ඇමෙරිකා රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ පවසන්නේ.

එමෙන්ම කියුබාව සමග සාමකාමී ගිවිසුමකට එළඹීමේ සම්භාවිතාව ඉතා පහළ මට්ටමක පවතින බවද රාජ්‍ය ලේකම්වරයා සඳහන් කරනවා.

කියුබාවේ හිටපු ජනාධිපති රාහුල් කැස්ත්‍රෝට ඇමෙරිකාව මිනීමැරුම් චෝදනා එල්ලකිරීමෙන් දිනකට පසුවයි ඔහු මේ බව සඳහන් කළේ.

1996 වසරේ දී ගුවන් යානා දෙකක් බිම හෙළීම හරහා ඇමෙරිකා ජාතිකයින් ඝාතනයවීම සම්බන්ධයෙනුයි රාහුල් කැස්ත්‍රෝට ඇමෙරිකාව මිනීමැරුම් චෝදනා එල්ල කළේ.

කියුබාව සමග රාජ්‍ය තාන්ත්‍රික විසඳුමකට එළඹීම ඇමෙරිකාවේ උත්සාහය බවයි රාජ්‍ය ලේකමවරයා කියාසිටින්නේ.

කෙසේ වුවද එල්ලවන ඕනෑම තර්ජනයකින් ඇමෙරිකාව ආරක්ෂාකර ගැනීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්හට අයිතියක් හා බැඳීමක් ඇති බවද ඔහු කියාසිටිනවා.

මේ අතර කියුබා විදේශ අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ඇමෙරිකාවේ චෝදනා සියල්ල අසත්‍ය බවත් කියුබාව කිසිවිටෙක ඇමෙරිකාවට තර්ජනයක් වී නොමැති බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com