පෝලන්තයට අමතර හමුදා භටයින් 5000ක් – ට්‍රම්ප්

0
පෝලන්තයට අමතර හමුදා භටයින් 5000ක් - ට්‍රම්ප්

පෝලන්තයට අමතර හමුදා භටයින් 5000ක් - ට්‍රම්ප්

පෝලන්තයට තවත් යුද සෙබලුන් 5000 කින් යුතු භට කණ්ඩයක් යෙදවීමට ඇමෙරිකාවේ අවධානය යොමු වී තිබේ.

පෝලන්තයට භටයින් 4000ක් යෙදවීම සම්බන්ධයෙන් තිබූ සැළසුම් පෙන්ටගනය පසුගිය සතියේදී අවලංගු කරනු ලැබිය.

අනතුරුව මෙම සතියේ නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරන්නේ පෝලන්තයට අමතර හමුදා භටයින් 5000ක් යොදවන බවයි.

මෙම තීරණයට පදනම වී ඇත්තේ ජනාධිපතිවරණ සමයේදී ට්‍රම්ප් සහාය ලබා දුන් පෝලන්ත ජනාධිපතිවරයා සමග ඇති සබඳතායි.

අතිරේක හමුදා භටයින් යෙදවීම පෙර සැළසුම් කළ යෙදවීමේ කොටසක්ද නැතහොත් වෙනත් මෙහෙයුමක්ද යන්න පිළිබඳව මෙතෙක් පැහැදිලි කර නැති අතර
ඇමෙරිකාවේ න්‍යාය පත්‍රය අනුව යුරෝපයේ සිය සමස්ත හමුදා මට්ටම් අඩු කිරීමේ අදහසක් පවතින බවට පසුගිය කාලය තුළදී ඉගි පළ කරනු ලැබිය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com