පවතින බාහිර කම්පන කළමනාකරණය සරල නොවූනත් ශ්‍රී ලංකාව ඒ සඳහා ශක්තිමත්ව කටයුතු කරනවා – IMF ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී

0
පවතින බාහිර කම්පන කළමනාකරණය සරල නොවූනත් ශ්‍රී ලංකාව ඒ සඳහා ශක්තිමත්ව කටයුතු කරනවා – IMF ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී

පවතින බාහිර කම්පන කළමනාකරණය සරල නොවූනත් ශ්‍රී ලංකාව ඒ සඳහා ශක්තිමත්ව කටයුතු කරනවා – IMF ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී

පවතින බාහිර කම්පන කළමනාකරණය කිරීම සරල නොවූනත් ශ්‍රී ලංකාව ඒ සඳහා ශක්තිමත්ව කටයුතු කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ පවසනවා.

ශ්‍රී ලංකාවේ අද ක්‍රියාත්මක වන ප්‍රතිපත්ති රාමුව අතීතයට සාපේක්ෂව සැලකිය යුතු ලෙස ශක්තිමත් වී ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.

එමෙන්ම 05 වන සහ 06 වන සමාලෝචනය ලබන 27 වනදා සලකා බැලීමටද නියමිත බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ.

ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ වැඩසටහන ඉදිරියටම ගමන් කරමින් පවතින අතර විස්තීර්ණ ණය පහසුකම යටතේ 05 වන සහ 06 වන සමාලෝචනය ලබන සතියේ සලකා බැලීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය කටයුතු කරමින් සිටිනවා.

පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකාව සාර්ව ආර්ථික ස්ථායිතාව යථා තත්ත්වයට පත් කිරීමේදී සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන ඇති බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ.

විශේෂයෙන් සංචිත යළි ගොඩනැගීමේදී සහ විශ්වාසය ශක්තිමත් කිරීමේදී ශ්‍රී ලංකාව මෙසේ සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන තිබෙන බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ පවසන්නේ.

මහජනතාව සහ ආයෝජකයින් මෙම සාර්ථක ප්‍රගතිය පිළිගෙන ඇති අතර එය ස්ථිර පදනමක් මත ආර්ථකය වඩාත් ශක්තිමත් කිරීමට උපකාරී වී ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ.

මෑත කාලීන ගෝලීය වර්ධනයන් අභියෝගාත්මක බාහිර පරිසරක පවතින බොහෝ ආර්ථිකයන්ට පීඩනයක් ඇති කර තිබෙනවා.

එම කම්පන කලමනාකරණය කිරීම කිසිලෙසකින්වත් සරළ නොවන බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ප්‍රධානීයා පෙන්වා දෙන්නේ.

එහෙත් ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති රාමුව අතීතයට සාපේක්ෂව සැලකිය යුතු ලෙස ශක්තිමත් වී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එමෙන්ම අනුකූල ප්‍රතිපත්ති මාර්ගයක් පවත්වාගැනීම සහ ආර්ථිකයේ වෙනස්වන තත්ත්වයන්ට අනුවර්ථනය වීමට ඉඩදීම මෙතෙක් ලබාගත් ජයග්‍රහණ පවත්වාගැනීමට ශ්‍රී ලංකාවේ ශක්තිමත්භාවයට ප්‍රධාන වශයෙන් බලපා ඇති බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරන්නේ.

ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය ඉදිරියට යන විට ශ්‍රී ලංකා බලධාරීන් සමග අඛණ්ඩ සමීප සබන්ධතාවක් ඔවුන් අපේක්ෂා කරන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ප්‍රධානියා සඳහන් කරනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com