අධිවේගී මාර්ග භාවිතා කරන්නන්ට RDA වෙතින් විශේෂ නිවේදනයක්

0
අධිවේගී මාර්ග භාවිතා කරන්නන්ට RDA වෙතින් විශේෂ නිවේදනයක්

අධිවේගී මාර්ග භාවිතා කරන්නන්ට RDA වෙතින් විශේෂ නිවේදනයක්

පවතින අධික වර්ෂාව හේතුවෙන් අධිවේගී මාර්ගවල වාහන ධාවනය කිරීමේදී විශේෂයෙන් සැලකිලිමත් වන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය සියලුම රියැදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

එහිදී මාර්ගයේ සවි කර ඇති විද්‍යුත් පුවරුවල (Electronic Display Boards) ප්‍රදර්ශනය කෙරෙන අවවාදාත්මක වැකි සහ උපදෙස් කෙරෙහි නිරන්තර අවධානය යොමු කිරීම වැදගත් වනවා.

අයහපත් කාලගුණය නිසා මාර්ගයේ ඉදිරි දෘශ්‍යතාව අවම විය හැකි බැවින් වාහනවල ඉදිරිපස ලාම්පු (Headlights) දල්වාගෙන ධාවනය කරන ලෙසත්, උපරිම වේගය පැ.කි 60 සීමාවක පවත්වා ගන්නා ලෙසයි එම අධිකාරිය රියදුරන්ට දැනුම් දෙන්නේ.

ඉදිරියෙන් ධාවනය වන වාහනය සහ තමන්ගේ වාහනය අතර ප්‍රමාණවත් ආරක්ෂිත පරතරයක් නිරන්තරයෙන් තබා ගැනීම අත්‍යාවශ්‍ය බව ද මාර්ග සංවර්ධන අධිකාරිය අවධාරණය කර සිටිනවා.

වැසි සහිත තත්ත්වය මත මාර්ගය ලිස්සන සුළු බැවින්, එකවරම තිරිංග (Breaks) තද කිරීමෙන් වාහනය පාලනය කරගත නොහැකි ලෙස ලිස්සා ගොස් දරුණු අනතුරු සිදුවීමේ දැඩි අවදානමක් පවතින බැවින් පවතින තත්ත්වය පිළිබඳව මනා අවබෝධයකින් සහ ඉහළ ඉවසීමකින් යුතුව අධිවේගී මාර්ග පරිහරණය කරන ලෙසයි මාර්ග සංවර්ධන අධිකාරිය සියලුම වාහන පදවන්නන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com