බලපිටිය මහාධිකරණයෙන් 5කට මරණ දඬුවම

0
විනිසුරු විශ්‍රාම වයස ගැසට් කරයි; මහාධිකරණ විනිසුරු සංඛ්‍යාව ඉහළට

විනිසුරු විශ්‍රාම වයස ගැසට් කරයි; මහාධිකරණ විනිසුරු සංඛ්‍යාව ඉහළට

පොලු මුඟුරුවලින් පහරදී පුද්ගලයකු ඝාතනය කළ බවට චෝදනා එල්ලවූ සැකකරුවන් 5දෙනෙකුට වසර 19ක දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව මරණ දඬුවම ලබාදීමට බලපිටිය මහධිකරණය ඉකුත් සිකුරාදා (22) නියෝග කර තිබේ.

මෙසේ මරණ දඩුවම නියම කර ඇත්තේ, එකම පවුලේ පියා,පුතුන් ඇතුලු ඥාතීන් පස්දෙනෙකුටයි.

විත්තිකරුවන් අතින් ඝාතනය වී තිබුණේ බටපොළ, බටදූව පදිංචිකරුවෙක් වනවා.

2007 ජූලි මස 29 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී පවුල් ආරවුලකට විත්තිකරුවන් විසින් මෙම ඝාතනය සිදුකර ඇති අතර, එය සාධාරණ සැකයකින් තොරව ඔප්පුවන බව පවසමින් බලපිටිය මහාධිකරණ විනිසුරුවරයා මෙම මරණ දඬුවම ලබාදීමේ නියෝගය ලබාදී තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com