හන්තාන සඳගිරි සෑය කඩා රන්මාල සහ මැණික් ඇතුළු පූජා භාණ්ඩ හොරකම් කරයි

0
හන්තාන සඳගිරි සෑය කඩා රන්මාල සහ මැණික් ඇතුළු පූජා භාණ්ඩ හොරකම් කරයි

හන්තාන සඳගිරි සෑය කඩා රන්මාල සහ මැණික් ඇතුළු පූජා භාණ්ඩ හොරකම් කරයි

දෙස් විදෙස් බෞද්ධ බැතිමතුන්ගේ නොමඳ ගෞරවාදරයට පාත්‍ර වූ මහනුවර, හන්තාන සඳගිරි සෑ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ගර්භයට පිවිසෙන දොරටු ද්විත්වය බිඳ, එහි තැන්පත් කර තිබූ රන්මාල සහ මැණික් ඇතුළු පූජා භාණ්ඩ රැසක් සොරකම් කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් මහනුවර මූලස්ථාන පොලිසිය පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඊයේ (23) අලුයම් කාලයේදී මෙම සොරකම සිදුව ඇති බව සඳගිරි සෑය විහාරාධිපති පූජ්‍ය ගඟසිරිපුර ධම්මාලෝක හිමියෝ සඳහන් කරනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ විහාරාධිපති හිමියන් සඳහන් කළේ,

“විහාරයේ සේවය කරන පිරිස අද උදෑසනම මට දැනුම් දුන්නා චෛත්‍යය ගර්භයට පිවිසෙන යකඩ දොරටු දෙකම කඩා දමා ඇති බව. ඒ මොහොතේ සිට කිසිම කෙනෙකුට චෛත්‍යය ගර්භය තුළට ඇතුළු වීමට ඉඩ නොතබා, මම මේ සම්බන්ධයෙන් වහාම පොලිස්පතිතුමා දැනුවත් කළා. ඉතා සුළු මොහොතක් තුළ මහනුවර මූලස්ථාන පොලිසියේ නිලධාරීන් පැමිණ පරීක්ෂණ ආරම්භ කළා.

එහිදී හෙළි වුණේ චෛත්‍ය ගර්භයේ තැන්පත් කොට ඇති රන් කරඬුවට පළඳවා තිබූ මැණික් සහිත රන්මාල ඇතුළු පූජා භාණ්ඩ ප්‍රමාණයක් අතුරුදහන්ව ඇති බවයි. නමුත් වාසනාවකට මෙන් රන් කරඬුවට, අනෙකුත් වටිනා පූජා භාණ්ඩවලට හෝ එහි වැඩසිටින ධාතූන් වහන්සේලාට කිසිදු හානියක් සිදුව නැහැ. චෛත්‍යයට හෝ වෙනත් කිසිවකට හානි කරලත් නැහැ. පොලිසිය ක්ෂණිකවම ක්‍රියාත්මක වී පරීක්ෂණ ආරම්භ කළ නිසා මේ වන විටත් තොරතුරු රැසක් හෙළි කරගෙන තිබෙනවා.” යනුවෙන්.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com