කෘත්‍රිම බුද්ධිය භාවිත කළ හැකි අති නවීන MRI යන්ත්‍රයක් ප්‍රථමවරට රජයේ රෝහලකට

0
කෘත්‍රිම බුද්ධිය භාවිත කළ හැකි අති නවීන MRI යන්ත්‍රයක් ප්‍රථමවරට රජයේ රෝහලකට

කෘත්‍රිම බුද්ධිය භාවිත කළ හැකි අති නවීන MRI යන්ත්‍රයක් ප්‍රථමවරට රජයේ රෝහලකට

කෘත්‍රිම බුද්ධිය භාවිත කළ හැකි අති නවීනතම තාක්ෂණයෙන් යුත් එම් ආර් අයි යන්ත්‍රයක් ප්‍රථමවරට රජයේ රෝහලක ස්ථාපිත කිරීම ඊයේ (09) සිදුකෙරුණා.

මේ සඳහා රජය වැයළ මුදල රුපියල් මිලියන 450ක්.

කෘත්‍රිම බුද්ධිය භාවිත කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් එම් ආර් අයි යන්ත්‍රය කොළඹ ජාතික රෝහලේ ස්ථාපිත කර තිබෙනවා. එය රෝගී සත්කාරක සේවා සදහා එක් කිරීම අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධනත්වයෙන් ඊයේ (09) සිදුකෙරුණා.

මෙවැනි අති නවීනතම තාක්ෂණයෙන් යුත් එම් ආර් අයි යන්ත්‍රයක් රජයේ රෝහලක ස්ථාපති කළ ප්‍රථම අවස්ථාව මෙයයි.

ඒ සදහා වත්මන් රජය වැයකළ මුදල රුපියල් මිලියන 450ක්. කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු හා ස්නායු ශල්‍ය අංශ වල සේවාවන් වඩාත් විධිමත් කිරීමේ අරමුණෙනුයි මෙම යන්ත්‍රය ස්ථාපිත කෙරුණේ.

කොළඹ ජාතික රෝහලේ ස්ථාපිත කර ඇති එම් ආර් අයි ස්කෑන් යන්ත්‍ර 3 වරින් වර අක්‍රිය වීම හේතුවෙන් රෝගී ජනතාව අපහසුතාවට පත්වුණා.

නව රජය බලයට පත්වීමෙන් පසු මේ පිළිබද අවදානය යොමුවූ අතර ඒ අනුවයි දැනට පවතින යන්ත්‍ර තුනට අමතරව මෙම අති නවීන තාක්ෂනයෙන් යුත් එම් ආර් අයි ස්කෑන් යන්ත්‍රය ස්ථාපිත කෙරුණේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com