වෙනි­සි­යු­ලාවේ තවත් තෙල් නැවක් අමෙ­රි­කා­වේ අත්අ­ඩං­ගු­වට

0
වෙනි­සි­යු­ලාවේ තවත් තෙල් නැවක් අමෙ­රි­කා­වේ අත්අ­ඩං­ගු­වට

වෙනි­සි­යු­ලාවේ තවත් තෙල් නැවක් අමෙ­රි­කා­වේ අත්අ­ඩං­ගු­වට

වෙනි­සි­යු­ලා­වට එරෙහි සම්බා­ධක උල්ලං­ඝ­නය කළ බව කියන තෙල් නැවක් අමෙ­රි­කානු නාවික හමු­දා­වෙන් අත්අ­ඩං­ගු­වට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කැරි­බි­යානු මුහුදු සීමාවේ සිට ඉන්දි­යානු සාග­රය බලා යාත්‍රා කළ පැනමා රාජ්‍යයේ ධජය සහිත අකිලා 2 නමැති එම තෙල් නෞකාව හෙලි­කො­ප්ටර් යාන­යක්ද භාවිත කර­මින් අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ ඉන්දි­යානු සාග­ර­යේදී බවත්, බොර­තෙල් බැරල් ලක්ෂ 7ක් නෞකාවේ තිබූ බවත් වාර්තා වේ.

සති කිහි­ප­යක් පුරා සිදු කළ හඹා යෑම­කින් පසු කිසිදු තර්ජ­න­ය­කින් තොරව නෞකාව අත්අ­ඩං­ගු­වට ගත් බව අමෙ­රි­කානු නාවික හමු­දාව නිවේ­ද­නය කර ඇති අතර, වෙනි­සි­යු­ලාවේ තෙල් සමා­ගම් හිමි­ක­රු­වන් චෝදනා කර ඇත්තේ එම සිදු­වීම ජාත්‍ය­න්තර මුහුදු කොල්ල­යක් බව­ටය. අකිලා තෙල් නෞකාව ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් වෙනි­සි­යු­ලා­වට පන­වනු ලැබූ සම්බා­ධක උල්ලං­ඝ­නය කර­මින් යාත්‍රා කළ බවත්, සම්බා­ධක උල්ලං­ග­නය කර­මින් වෙනි­සි­යු­ලා­වෙන් බොර­තෙල් ලබා ගැනී­මට කිසිදු රට­කට අව­සර නොදෙන බවත් පෙන්ට­ග­නය නිවේ­ද­නය කර තිබේ. සිය තෙල් වෙළෙ­ඳා­මට අමෙ­රි­කා­වෙන් එල්ල වී ඇති තර්ජ­නය හේතු­වෙන් විදේශ ආයෝ­ජන සමා­ග­ම්ව­ලට තෙල් ව්‍යාපා­ර­යට එක්වී­මට වෙනි­සි­යු­ලාවේ අන්ත­ර්වාර ජනා­ධි­ප­ති­නිය ඩෙල්සි රොඩ්රි­ගස් පිය­වර ගනු ලැබු­වද, එරට තෙල් නෞකා අත්අ­ඩං­ගු­වට ගැනීම තව­දු­ර­ටත් සිදු කිරී­මට අමෙ­රි­කාව තීර­ණය කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com