ජූලි 1 වනදා සිට ක්‍රෙඩිට් කාඩ්පත් පොලිය ඉහළට
උපරිමාධිකරණයේ පුරප්පාඩුව
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක බලපත්‍රලාභී වාණිජ බැංකු මඟින් සිය ක්‍රෙඩිට් කාඩ්පත් වෙනුවෙන් වන පොලී අනුපාත ඉහළ දැමීමට සූදානමින් සිටින බව වාර්තා වේ.
ඒ අනුව දැනටමත් වාණිජ බැංකු කිහිපයක් සිය ගනුදෙනුකරුවන් වෙත මේ පිළිබඳව දැනුවත් කරමින් කෙටි පණිවුඩ යැවීම් සිදු කර ඇති බව සඳහන්.
ඒ ජූලි 1වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා වාර්ෂික පොලී අනුපාතය දැනට පවතින 26%ක ප්‍රතිශතයේ සිට 28%ක් දක්වා ඉහළ යාමට ඉඩ ඇති බව සඳහන් කරමින් බව වාර්තා වේ.
කෙසේ වෙතත් වාර්තා වූ ආකාරයට වාණිජ බැංකු මෙම තීරණය ගැනීමට නියමිතව ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය මඟින් ඉකුත් මැයි 25වැනි දින ගනු ලැබූ තීරණයකට අනුව එක්දින ප්‍රතිපත්ති පොළී අනුපාතිකය පදනම් අංක 100කින් ඉහළ දැමීමට පියවර ගැනීමත් සමඟින් බව සඳහන් වේ.





