පල්ලේගම හිමිට DNA පරීක්ෂණයක් සඳහා රුධිර සාම්පල දිමට නියෝග

0
පල්ලේගම හිමිට DNA පරීක්ෂණයකට රුධිර සාම්පල දෙන්න නියෝග

පල්ලේගම හිමිට DNA පරීක්ෂණයකට රුධිර සාම්පල දෙන්න නියෝග

DNA පරීක්ෂණයක් සඳහා රුධිර සාම්පල ලබාදෙන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට ඊයේ (12) නියෝග කලේය.

ඒ වළ දමා තිබූ ඇදුම්වල දැරියගේ DNA සාම්පල අන්තර්ගත බවට රස පරීක්ෂක වාර්තාව මගින් තහවුරු වීම හේතුවෙනුයි.

දැරියක දූෂණය කළ බවට පල්ලේගම හේමරතන හිමියන්ට චෝදනා එල්ල වී තිබේ.

එම අවස්ථාවේ දැරිය ඇද සිටි බව කියන ඇදුම් වලදමා තිබිය දී සොයාගෙන රස පරීක්ෂක වෙත යොමුකර ඇති බැවින්,
එම ඇදුම්වල දැරියගේ ඩී එන් ඒ අන්තර්ගත බවට රස පරීක්ෂක වාර්තාව සඳහන් කර ඇතැයි නිට්ටඹුව පොලිසිය වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුවයි හේමරතන හිමියන්ටද රුධිර සාම්පල ලබාදෙන ලෙස නියෝග කෙරුණේ.

ඒ අනුව ලබන 16 වනදා රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් අදාළ රුධිර සාම්පල ලබාදෙන ලෙසද නියෝග කළා.

එම DNA පරීක්ෂණ වාර්තාවද අධිකරණයට ඉදිරිපත් කරන ලෙස රජයේ රස පරීක්ෂකවරයාටද නියෝග කෙරුණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com