දකුණු කොරියාවේ හිටපු ජනපතිට තවත් වසර 30ක සිරදඬුවමක්

0
දකුණු කොරියාවේ හිටපු ජනපතිට තවත් වසර 30ක සිරදඬුවමක්

දකුණු කොරියාවේ හිටපු ජනපතිට තවත් වසර 30ක සිරදඬුවමක්

දකුණු කොරියාවේ හිටපු ජනාධිපති යූන් සුක් යෙයොල් හට තවත් වසර 30කට සිරදඬුවමක් නියම කර තිබේ.

2024 වසරේ දෙසැම්බර් මාසයේ දී යුද නීතිය පැනවීමට ගත් අසාර්ථක උත්සහයට වරදකරු වීම හේතුවෙන් හිටපු ජනාධිපතිවරයා මේ වන විට ජිවිතාන්තය දක්වා සිරදඬුවම් ලබමින් සිටිනවා.

උතුරු කොරියාවට ඩ්‍රෝන යානා යැවිමේ සිද්ධියකට වරදකරු විම හේතුවෙනුයි නැවත වරක් ඔහුට තවත් වසර 30ක සිරදඬුවම් නියම කර ඇත්තේ.

2024 වසරේ ඔක්තෝබර් මාසයේ දී හිටපු ජනාධිපති යූන් සුක් යෙයොල් උතුරු කොරියාව ප්‍රකෝප කිරීමේ අරමුණින් ඩ්‍රෝන මෙහෙයුම සිදුකිරීමට නියෝග ලබාදී ඇති බවට නඩු විභාගයේ දී තහවුරු වී තිබෙනවා.

මීට අමතරව ඔහුගේ හිටපු ආරක්ෂක අමාත්‍යවරයා, ආරක්ෂක ප්‍රතිබුද්ධි විදානයේ හිටපු ප්‍රධානියා හා ඩ්‍රෝන මෙහෙයුමේ හිටපු ප්‍රධානියා රාජ්‍ය ද්‍රෝහිත්වය සහ බලය අයුතු ලෙස භාවිත කිරීම යන චෝදනා සම්බන්ධයෙන් වරදකරුවන් කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com