අම්බුළුවාව ගැන සෙවිමට විශේෂඥ කමිටුවක්

0
අම්බුළුවාව ගැන හොයන්න විශේෂඥ කමිටුවක්

අම්බුළුවාව ගැන හොයන්න විශේෂඥ කමිටුවක්

අම්බුළුවාව සම්බන්ධයෙන් අවශ්‍ය සොයාබැලීම් සිදුකිරීමට විශේෂඥ කමිටුවක් පත්කිරීමට පරිසර අමාත්‍යංශය සිදු කළ ඒකාබන්ධ නිරීක්ෂණ චාරිකාවෙන් පසු තීන්දු කළ බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස මහතා ඊයේ (10) පැවසීය.

ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදීය.

අමාත්‍යවරයා, මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු කණ්ඩායමක් මාධ්‍යවේදීන් සහ පරිසරවේදීන් ඇතුළු කණ්ඩායමක්ද සමග ඒකාබද්ධ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ බවද, අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතියට අනුමැතිය ලබාදීමේදී මධ්‍යම පරිසර අධිකාරි ජාතික පාරිසරික පනතේ ප්‍රතිපාදන ක්‍රියාත්මක කර නැති බව එහිදී අනාවරණය වී ඇති බවද, ශ්‍රී ලංකාවට ආවේනික සත්ව හා ශාඛ විශේෂ ගණනාවක් අම්බුළුවාවේ තිබුණද පරිසර අනුමැතිය ලබාදීමේදී වනජීවී දෙපාර්තමේන්තුව සම්බන්ධ කරගෙන නැති බව අනාවරණය වූ බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

ඒ අනුව මෙම සියලුම කරුණු සොයා බැලීම සඳහා විශේෂඥ කමිටුවක් පත්කිරීමට පරිසර අමාත්‍යංශය තීරණය කර ඇතැයි ඔහු පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com