කළුතරදී බස් රියදුරුට සහ කොන්දොස්තරට පහරදුන් 6 දෙනෙකු අත්අඩංගුවට!
කළුතර – කොළඹ ප්රධාන මාර්ගයේ නාගස් හන්දිය අසලදී සුඛෝපභෝගී බස් රථයකට බාධා කර එහි රියදුරුට සහ කොන්දොස්තරවරයාට පහරදුන් බවට චෝදනා මත සැකකරුවන් හයදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පොලීසියට අනුව, යතුරුපැදිවලින් පැමිණි මෙම සැකකරුවන් බස් රථයේ ගමන අවහිර කර රියදුරුට සහ කොන්දොස්තරවරයාට පහරදී තිබේ.
අපරාධය සිදු කිරීම සඳහා යොදාගත් බවට සැකකෙරෙන යතුරුපැදි දෙකක් කළුතර උතුර පොලීසිය මගින් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් පුද්ගලයින් වඩ්ඩුව සහ මොරොන්තුඩුව ප්රදේශවල පදිංචිකරුවෝ වෙති.
සැකකරුවන් කළුතර මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් කළුතර උතුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
