හිටපු ඇමති අර්ජුනට සහ ධම්මිකට එරෙහිව අධි චෝදනා
හිටපු ඇමති අර්ජුනට සහ ධම්මිකට එරෙහිව අධි චෝදනා
ඉහළ මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් මගින් ඛනිජ තෙල් මිලදී ගැනීම තුළින් ඛනිජතෙල් නීතිගත සංස්ථාවට රු.මිලියන 800කට ආසන්න මුදලක් පාඩු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ඇමති අර්ජුන රණතුංගට හා ඔහුගේ සොහොයුරෙකු වන ධම්මික රණතුංගට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කළ බව එම කොමිසම විසින් බබදාදා (22) කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අධිකරණයට දැනුම් දී තිබේ.
මෙම නඩුව බදාදා දින (22) කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අසංග එස්. බෝදරගම හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී අල්ලස් කොමිසම මෙම දැනුම් දීම සිදු කළේය.




