ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ ගෞරව පුවරුවට තම නම ඇතුළත් කරගත් ලොව පළමු කාන්තාව

0
ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ ගෞරව පුවරුවට තම නම ඇතුළත් කරගත් ලොව පළමු කාන්තාව

ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ ගෞරව පුවරුවට තම නම ඇතුළත් කරගත් ලොව පළමු කාන්තාව

ක්‍රිකට් ක්‍රීඩාවේ මහගෙදර ලෙස සැලකෙන ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී කිසිදා නොබිඳෙන වාර්තාවක් තැබීමට ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ යස්ටිකා භාතියා සමත්ව තිබේ.

එංගලන්තයට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය වූ අද (12) ඇය ඉන්දීය දෙවන ඉනිම වෙනුවෙන් ශතකයක් රැස්කිරීමට සමත්වූවාය.

මෙම විශිෂ්ට ශතකයත් සමග ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී ටෙස්ට් ශතකයක් රැස්කළ ලොව පළමු ක්‍රීඩිකාව ලෙස ඇය ඉතිහාසයට එක්විය.

මෙම ශතකයත් සමගන් ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ ඇති සුප්‍රසිද්ධ ටෙස්ට් පිතිකරණ ගෞරව පුවරුවට තම නම ඇතුළත් කරගත් ලොව පළමු කාන්තාව බවට ඇය පත්වූවාය.

මෙහිදී ඇය පන්දු 158කට මුහුණදෙමින් ලකුණු 113ක් රැස්කිරීමට සමත්වූ අතර, එම ඉනිමට හතරේ පහර 14ක් ඇතුළත් විය.

මෙම තරගය සමගින් ටෙස්ට් තරග 4කට පමණක් ක්‍රීඩාකර ඇති යස්ටිකා රැස්කළ පළමු ශතකය මෙය වීමත් සුවිශේෂීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com