කටාර්හි පියා අමීර්ගේ අභාවය පිළිබඳ හෘදයාංගම ශෝකය – අමාත්‍ය විජිත හේරත්
කටාර් රාජ්‍යයේ පියා අමීර් වන, අතිගරු ෂෙයික් හමද් බින් කලීෆා අල් තානි මැතිතුමාගේ අභාවය පිළිබඳව දැනගැනීමෙන් මම ගැඹුරින් ශෝකයට පත්වෙමි.
කටාර්හි වෙසෙන බොහෝ ශ්‍රී ලාංකිකයන් ඇතුළු එරට ජනතාවගේ ආදරයට පාත්‍ර වූ නායකයෙකු වූ ඔහු, කටාර් රාජ්‍යයේ විශාල පරිවර්තනයකට නායකත්වය දුන් අතර, ශ්‍රී ලංකාව හා කටාර් අතර මිත්‍ර සබඳතා ශක්තිමත් කිරීම සඳහා කළ සේවය සැමදා සිහිපත් වනු ඇත.
කටාර් අග්‍රාමාත්‍ය සහ විදේශ අමාත්‍ය අතිගරු ෂෙයික් මොහොමඩ් බින් අබ්දුල්රහ්මාන් අල් තානි මැතිතුමාටත්, කටාර් රජයටත්, එරට ජනතාවටත් මගේ හෘදයාංගම ශෝකය ප්‍රකාශ කරමි.
අල්ලාහ්ගේ කරුණාවෙන් එතුමාගේ ආත්මයට සදාකාලික සාමය ලැබේවා!





