දැඩි උණුසුම නිසා යුරෝපයේ 10,000කට අධික පිරිසක් ජීවිතක්ෂයට

0
දැඩි උණුසුම නිසා යුරෝපයේ 10,000කට අධික පිරිසක් ජීවිතක්ෂයට

දැඩි උණුසුම නිසා යුරෝපයේ 10,000කට අධික පිරිසක් ජීවිතක්ෂයට

පසුගිය ජූනි මාසයේ අගභාගයේදී බටහිර යුරෝපීය කලාපයට බලපෑ වාර්තාගත දැඩි උණුසුම් කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 10,000කට අධික පිරිසක් මරණයට පත්ව ඇත.

යුරෝපීය රෝග වැළැක්වීමේ සහ පාලනය කිරීමේ මධ්‍යස්ථානයේ සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහය ලබන යුරෝමෝමෝ (EuroMOMO) ජාලය නිකුත් කළ නවතම නිල දත්ත වාර්තාවල මේ බව සඳහන්වන බව රොයිටර් ප්‍රවෘත්ති සේවය වාර්තා කරයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්වූවන්ගෙන් බහුතරයක්, එනම් නවදහසකට අධික පිරිසක් වයස අවුරුදු 65 හෝ ඊට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් බව එම දත්ත මඟින් අනාවරණය කර තිබේ.

අධික උණුසුම හේතුවෙන් ශරීරය අභ්‍යන්තරයේ හටගන්නා අධික උෂ්ණත්වය මෙන්ම හෘද රෝග සහ ශ්වසන ආබාධ වැනි තත්ත්වයන් උත්සන්න වීම මෙම මරණවලට සෘජුවම හේතු වී ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

මෙම අවදානම් සහගත තත්ත්වය හමුවේ වැඩිහිටි ජනගහනය දැඩි ලෙස පීඩාවට පත්ව ඇති අතර, ගෝලීය දේශගුණික විපර්යාසයන්හි බලපෑම මෙම තත්ත්වය තවදුරටත් උග්‍ර කර ඇති බවද එම වාර්තා මඟින් වැඩිදුරටත් පවසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com