ලෝකයේ වැඩිම මාර්ග තදබදයක් ඇති රටවල් අතර ශ්‍රී ලංකාව තෙවැනි තැනට

0
ලෝකයේ වැඩිම මාර්ග තදබදයක් ඇති රටවල් අතර ශ්‍රී ලංකාව 3ට

ලෝකයේ වැඩිම මාර්ග තදබදයක් ඇති රටවල් අතර ශ්‍රී ලංකාව 3ට

ලෝකයේ වැඩිම මාර්ග තදබදයක් ඇති රටවල් අතර ශ්‍රී ලංකාව තෙවන ස්ථානයට පත්ව තිබේ.

මේ අතර, ආසියාවේ වැඩිම මාර්ග තදබදයක් ඇති රටවල් අතර පළමු ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව ඇති බව සඳහන් වෙයි.

ලොව විශාලතම ජීවන වියදම් සහ ජීවන තත්ත්වයන් පිළිබද දත්ත සමූහයක් වන ‘නම්බියෝ’ වෙබ් අඩවිය විසින්‍ 2026 වසර මැද රථ වාහන දර්ශකය මගින් මේ බව වාර්තා කර තිබේ.

එම වාර්තාවට අනුව ලෝකයේ වැඩිම මාර්ග තදබදයක් සහිත රට ලෙස නයිජීරියාව ප්‍රකාශයට පත්කර ඇත.

කොස්ටරිකා රාජ්‍ය එහි දෙවන ස්ථානයේ පසුවෙයි.

මේ අතර, අඩුම මාර්ග තදබදයක් ඇති රට ලෙස එස්තෝනියාව සැළකෙන අතර ඔස්ට්‍රියාව සහ ෆින්ලන්තය ද අඩුම මාර්ග තදබදයක් ඇති රටවල් ලෙස සැළකෙයි.

ගමනක් සඳහා වැයවන කාලය සහ ඒ සදහා වැයවන ඉන්ධන ප්‍රමාණය සැළකිල්ලට ගනිමින් මාර්ග තදබදය පිළිබද දත්ත සකස් කෙරෙන බව වාර්තා හි සඳහන් වෙයි.

රථවාහන දර්ශකය යනු ගමනාගමනය සඳහා ගතවන කාලය, රථවාහන තදබදය හේතුවෙන් ඇතිවන අප්‍රසාදය, කාබන් ඩයොක්සයිඩ් (CO2) විමෝචනය සහ සමස්ත රථවාහන පද්ධතියේ පවතින අකාර්යක්ෂමතාව වැනි සාධක සැලකිල්ලට ගනිමින් සකස් කරන ලද සංයුක්ත මිනුමකි.

එමඟින් නගරයක පවතින සමස්ත රථවාහන තත්ත්වයන් පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා දෙයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com