බිලියන 12ක වියදමින් ජාතික හදවත් මධ්‍යස්ථානයක්
බිලියන 12ක වියදමින් ජාතික හදවත් මධ්‍යස්ථානයක්
ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය නැංවීමට ශ්‍රී ලංකා ජාතික රෝහලේ ජාතික හදවත් මධ්‍යස්ථානය ඉදිකිරීම ඇතුළු යෝජනා 09ක් සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව හෘද රෝග සඳහා අවශ්‍ය සියලු නවීන සම්පත් ඇතුළු මහල් 16කින් සමන්විත අදියර දෙකක් යටතේ මෙම ජාතික හදවත් රෝහලේ ස්ථාපිත කරන බව කැබිනට් ප්‍රකාශක, ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඉකුත් අඟහරුවාදා (18) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ඇමැතිවරයා කියා සිටියේය.
මේ සඳහා ඉදිරි වසර තුනේ ද මිලියන දොළොස්දාස් අසූවක් වියදම් කිරීමට අපේක්ෂා සහිතව ලබන වසරේ වැඩ කටයුතු ආරම්භ කිරීමට රුපියල් මිලියන 200ක් අය-වැය යෝජනාවක් විදියට වෙන් කළ බව ඇමැතිවරයා කීවේය. හෘද රෝග සඳහා පවතින තදබදය අවම කිරීමේ අරමුණින් ජාතික හදවත් රෝහල ක්‍රියාත්මක කරන බවද ඒ මහතා කියා සිටියේය.
රටේ සිදු වන මරණවලන් 83%ක් බෝ නොවන රෝගවලින් සිදු වන බව පැවසූ ඇමැතිවරයා, 40%ක් පමණ හෘදය වස්තුව ආශ්‍රිත රෝගවලින් මරණයට පත්වන බව පැවසීය. වසර තුනක් තුළ මෙහි ඉදිකිරීම් කටයුතු අවසන් කරන බවත් ඒ සඳහා රුපියල් මිලියන 12,000ක් වැය කිරීමට නියමිත බවත් ඇමැතිවරයා පැවසීය.




