රසා­යන විද්‍යා නොබෙල් ත්‍යාග­ය විද්‍යා­ඥයන් තිදෙ­න­කුට

0
රසා­යන විද්‍යා නොබෙල් ත්‍යාග­යට විද්‍යා­ඥයෝ තිදෙ­න­කුට

රසා­යන විද්‍යා නොබෙල් ත්‍යාග­යට විද්‍යා­ඥයෝ තිදෙ­න­කුට

මේ වසරේ රසා­යන විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය ජපාන, ඔස්ට්‍රේ­ලියා සහ අමෙ­රි­කානු විද්‍යා­ඥ­යන් තිදෙ­න­කුට හිමිවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ස්වීඩ­නයේ නොබෙල් ත්‍යාග කමි­ටුව ඊයේ නිවේ­ද­නය කර ඇත්තේ කාන්තාර වාත­යෙන් ජලය ලබා­ගැ­නීම, කාර්මික පහ­සු­ක­ම්ව­ලින් කාබ­න්ඩ­යො­ක්ස­යිඩ් ලබා­ගැ­නීම සහ ජල පහ­සු­ක­ම්ව­ලින් විස ඉවත් කිරීම සඳහා විප්ල­වීය නිර්මා­ණ­යක් සිදු කළ ක්යෝටෝ විශ්ව­වි­ද්‍යා­ලයේ සුසුමු කිට­ගාවා, මෙල්බර්න් විශ්වි­ද්‍යා­ලයේ රිචඩ් රොබ්සන් සහ කැලි­ෆෝ­නියා විශ්ව­වි­ද්‍යා­ලයේ ඔමාර් යාගිට එම සම්මා­නය පිරි­නැ­මී­මට නිය­මිත බවය.

ස්වීඩ­නයේ රාජ­කීය විද්‍යා ඇක­ඩ­මිය විසින් නිවේ­ද­නය කරනු ලැබූ රසා­යන විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය සමඟ එම විද්‍යා­ඥ­යන්ට ස්වීඩන් මුද­ලින් ක්‍රෝනර් මිලි­යන 11ක මුදල් ත්‍යාගය ද පිරි­නැ­මෙන බව වාර්තා වේ.

ස්වීඩන් ජාතික රසා­යන විද්‍යා­ඥ­යකු වූ ඇල්ෆ්‍රඩ් නොබෙල්ගේ අන්තිම කැමැති පත්‍ර­යට අනුව නොබෙල් ත්‍යාග කමි­ටුව විසින් 1901 වසරේ සිට විවිධ ක්ෂේත්‍ර 5ක් යටතේ වාර්ෂි­කව නොබෙල් ත්‍යාග පිරි­නැ­මීම සිදු කෙරේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com