පුද්ගලයන් සහ නෞකා 60ක් ඉලක්ක කරමින් ඇමරිකාවෙන් නව සම්බාධක: ඉරානයෙන් ප්‍රබල ප්‍රතිචාරයක්
ඉරානයට එරෙහි ඇමරිකානු සම්බාධක දැඩිවෙයි
ඇමරිකාව ඉරානයට එරෙහි ආර්ථික සම්බාධක තවදුරටත් පුළුල් කිරීමත් සමඟ ඊට ප්‍රතිචාර දක්වන බව ඉරානය අවධාරණය කර තිබේ.
ඉරානයේ ආර්ථිකයට බලපෑම් කරමින් එරට ආදායම් මාර්ග අවහිර කිරීමේ අරමුණිනුයි ඇමරිකාව නව සම්බාධක පනවා තිබෙන්නේ.
ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් ප්‍රකාශ කර ඇත්තේ ඉරානය සමග ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යන රටවල් සහ ආයතනවලටද දැඩි පියවර ගැනීමට ඉඩ ඇති බවයි.
නව සම්බාධක යටතේ පුද්ගලයන්, ආයතන සහ නෞකා 60කට ආසන්න සංඛ්‍යාවක් ඉලක්ක කර ඇත.
කෙසේ වෙතත් ඉරානයේ ප්‍රධාන වෙළෙඳ හවුල්කරුවෙකු වන චීනයේ ප්‍රධාන මූල්‍ය ආයතන කිහිපයක් සම්බන්ධයෙන් ක්ෂණිකව දැඩි පියවර ගැනීමෙන් ඇමරිකාව වැළකී තිබේ.
මේ අතර ඇමරිකාවේ නව ආර්ථික පීඩනයට තම රට ප්‍රතිචාර දක්වන බවයි ඉරාන බලධාරීන් ප්‍රකාශ කර තිබෙන්නේ.
ඉරානයෙන් සිදු කෙරෙන තෙල් අපනයන තවදුරටත් සීමා කිරීම ඇතුළු පියවර මෙන්ම අවශ්‍ය වුවහොත් හමුදාමය ප්‍රතිචාරයක් දක්වා ක්‍රියාමාර්ග ගැනීමට ඉරානය සූදානම් බවට අනතුරු ඇඟවෙනවා.
මෙම තත්ත්වය හේතුවෙන් ගල්ෆ් කලාපයේ තෙල් සැපයුම සහ ලෝක බලශක්ති වෙළෙඳපොළ සම්බන්ධයෙන්ද යළි අවධානය යොමුවී තිබේ.






