සාහිත්‍ය සඳහා වන නොබෙල් ත්‍යාගය ලැස්ලෝ ක්‍රස්නාහෝර්කායිට
සාහිත්‍ය සඳහා වන නොබෙල් ත්‍යාගය ලැස්ලෝ ක්‍රස්නාහෝර්කායිට
සාහිත්‍ය සඳහා වන නොබෙල් ත්‍යාගය ලැස්ලෝ ක්‍රස්නාහෝර්කායි වෙත පිරිනමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඔහු හංගේරියාවේ වැදගත්ම සහ ජීවමානම කතුවරයා ලෙස බොහෝ දෙනා විසින් සලකනු ලබන බව සඳහන්. ඔහුගේ කෘති පශ්චාත් නූතන ඩිස්ටෝපියාව සහ ශෝකය යන තේමාවන් මුල් කර ගනිමින් රචනා කර තිබෙනවා.
සිය සාහිත්‍ය නිර්මාණ හරහා කලාවේ බලය නැවත තහවුරු කිරීමට ලාස්ලෝ ක්‍රස්නාහෝර්කායි සමත් වීම හේතුවෙන් මෙවර ජුරිය ඔහුට සම්මාන පුදකරන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.






