නිකොලස් මධුරෝ අත්අඩංගුවට ගැනිමට සහාය ලබා දෙන්නේ නම් ඩො.මි 50ක තෑග්ගක්
නිකොලස් මධුරෝ අත්අඩංගුවට ගන්න උදවු කළොත් ඩො.මි 50ක තෑග්ගක්
වෙනිසියුලා ජනාධිපති නිකොලස් මධුරෝ අත්අඩංගුවට ගැනීමට සහාය ලබා දෙන්නෙකුට ඇමෙරිකා ඩොලර් මිලියන 50ක ත්‍යාග මුදලක් ලබා දෙන බව ඇමෙරිකාව නිවේදනය කරයි.
ලොව විශාලතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු වෙනිසියුලා ජනාධිපතිවරයා බවයි ඇමෙරිකාව පවසන්නේ.
එබැවින් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා තොරතුරු ලබා දෙන්නෙකුට ඇමෙරිකා ඩොලර් මිලියන 50 ක මුදලක් ලබා දෙන බව ඔවුන් අද (08) නිවේදනය කළා.
වෙනිසියුලා ජනාධිපතිවරයාව දැඩිව විවේචනය කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිරන්තරයෙන් කටයුතු කරන ආකාරය දැකිය හැකියි.
පසුගිය ජනවාරි මාසයේ පැවති ජනාධිපතිවරණයෙන්ද නිකොලස් මධුරෝ ධුරය සඳහා නැවතවරක් තේරී පත් වුණා.
කෙසේ වුවද ඇමෙරිකාවේ මෙම ක්‍රියා කලාපය දැඩි පිලිකුලෙන් යුතුව හෙලා දකින අතර දේශපාලනය මුල් කරගනිමින් සිදු කරන්නක් බවටයි වෙනිසියුලා විදේශ අමාත්‍යවරයා පවසන්නේ.
