රුපියල් එක් කෝටි හතලිස් දෙලක්ෂයක් වටිනා මත්ද්‍රව්‍ය සමග විදෙස් කාන්තාවක් අත්අඩංගුවට
කේරළ ගංජා තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට
රුපියල් එක් කෝටි හතලිස් දෙලක්ෂයක් වටිනා කෙකේන් මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන් තොටුපොළින් රැගෙන යාමට තැත් කරමින් සිටි ඝානා ජාතික කාන්තාවක් අද (29) දින අලුයම රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඇය අප්‍රිකානු මහාද්වීපයේ ඝානා රාජ්‍යයේ පදිංචි, එච්.අයි.වී.වෛරසය ආසාදිත 41 හැවිරිදි කාන්තාවක්.
අද (29)දින අලුයම 01.50ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 658 දරණ ගුවන්යානයෙන් ඇය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
ගමන් මලු 02ක් තුළ කොකේන් මත්ද්‍රව්‍ය 4kgක් සහ 068gක ප්‍රමාණයක් සඟවා ගෙන සිටියදී රේගු භාරයට ගත් බවයි නිලධාරීන් සඳහන් කළේ.
වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කාන්තාව සහ ඇය විසින් රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ.




