වාස් ගුණවර්ධන ඇතුළු 06කට මරණ දඬුවම ස්ථිරයි
වාස් ගුණවර්ධන ඇතුළු 06කට මරණ දඬුවම ස්ථිරයි
කෝටිපති ව්‍යාපාරිකයෙක් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලද හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පුත්‍රයා ඇතුළු විත්තිකරුවන් 06 දෙනාට මහාධිකරණය විසින් ලබා දී තිබු මරණ දඬුවම තහවුරු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි.
ඒ මහාධිකරණ තීන්දුවට එරෙහිව විත්තිකරුවන් කර තිබූ අභියාචනයේ තීන්දුව බ්‍රහස්පතින්දා දිනයේ (08) ප්‍රකාශයට පත් කරමින්ය.
2013 වසරේ බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයකු වන මොහොමඩ් ෂියාම් නමැත්තා පැහැරගෙන ගොස් මරා දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් පනවා තිබුණි.
එම දඬුවම්වලින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම් නිෂ්ප්‍රභ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද එම තීන්දුව ලබා දී තිබේ.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබාදුන් අතර මරණීය දණ්ඩනය තහවුරු කරන ලද විත්තිකරුවන් අතර උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරු තුන්දෙනෙකුද ඇතුළත් බව සඳහන්ය.




