පාසල් දැරියන්ට සනීපාරක්ෂක තුවා ලබාදීමේ වැඩසටහනක්

0
සනීපාරක්ෂක තුවා බෙදාදීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

සනීපාරක්ෂක තුවා බෙදාදීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

පාසල් සිසුවියන් සඳහා සනීපාරක්ෂක තුවා ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සමස්ත ශිෂ්‍ය ජනගහනය මිලියන 04ක් පමණ වන අතර ඒ තුළ වැඩිවියට පත් ශිෂ්‍යාවන් මිලියන 1.2ක් පමණ වන බවට ගණනය කර ඇති බව සඳහන්.

එම ශිෂ්‍යාවන් අතුරින් අති දුෂ්කර පාසල්, දුෂ්කර පාසල්, හුදෙකලා පාසල්, වතු පාසල් හා දරිද්‍රතා සිසු සිසුවියන් සහිත නාගරික පාසල්වල ඉගෙනුම ලබන ශිෂ්‍යාවන් 800,000කට මෙම වසරේ අප්‍රේල් මස සිට ක්‍රියාත්මක වන පරිදි වාර්ෂිකව සනීපාරක්ෂක තුවා නොමිලේ ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජය්න්ත මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com