ඇහැලේපොළ වලව්වේ අයිතිය ශ්‍රී දළඳා මාළිගාවට

ඇහැලේපොළ වලව්ව ශ්‍රී දළඳා මාළිගාවට පවරා දීමට කැබිනට් අනුමැතිය

ඇහැලේපොළ වලව්ව ශ්‍රී දළඳා මාළිගාවට පවරා දීමට කැබිනට් අනුමැතිය

ඇහැලේපොළ වලව්ව සහ ඊට අයත් භූමිය පූජා ඔප්පුවක් මගින් ශ්‍රී දළදා මාළිගාව වෙත පවරා දීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අදාළ ගොඩනැගිල්ල ශ්‍රී දළදා මාළිගාව වෙත පවරා දීම සුදුසු බවට ජනාධිපති ලේකම්වරයාගේ වාර්තාව මගින් නිර්දේශ කිරීමෙන් අනතුරුව බවයි සඳහන් වන්නේ.

ඇහැලේපොළ වලව්ව ශ්‍රී දළදා මාළිගාව වෙත පවරාදීම සම්බන්ධයෙන් අදාළ සියලු පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කර, අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ලේකම්වරයාට ඉකුත් පෙබරවාරි19 වැනි දා දැනුම් දී තිබුණා.

ඒ අනුව ඉදිරිපත් කර ඇති වාර්තාව මගින්, ඇහැලේපොළ පවුල ප්‍රමුඛ කර ගනිමින් වසර සිය ගණනකට එපිට පැවති මහනුවර රාජධානියේ ශ්‍රී විභූතිය හා එම පරිසර පසුබිම නිරූපණය වන අයුරින් මෙම ගොඩනැගිල්ල තුළ ඉටි රූප කෞතුකාගාරයක් පිහිටුවීමට අනුමැතිය ලබාදී තිබෙනවා.

එමඟින් එම ඉතිහාසය පිළිබඳ තොරතුරු වර්තමාන ජන සමාජය වෙත වඩාත් ආකර්ෂණීය අයුරින් ඉදිරිපත් කිරීමට සහ දේශීය හා විදේශීය සංචාරක ආකර්ෂණය ඇති කිරීමත් අරමුණු කර ගනිමින් ශ්‍රී දළදා මාළිගාව විසින් ඇහැලේපොළ වලව්ව ආශ්‍රිතව ව්‍යාපෘතියක් සකස් කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *