බංග්ලාදේශයට එරෙහි T20 තරගාවලියේ ජය ශ්‍රී ලංකාව අත්පත්කර ගනී

ශ්‍රී ලංකා කණ්ඩායමේ අනගි දක්ෂතා සමගින් තුන්වැනි පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගය ලකුණු 28කින් ජය ගැනීමට සමත් විය.

තරගයේ කාසිය වාසිය දිනූ බංග්ලාදේශ කණ්ඩායම, පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේ ය. ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම, නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණූ 174ක් රැස් කිරීමට සමත් විය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි බංග්ලාදේශ ඉනිමේ පළමු කඩුල්ල දවා ගැනීමට මැතිව්ස්ගේ ආබාධය හේතුවෙන්, පන්දුව අතට ගත් දනංජය ද සිල්වා සමත් විය.

ඉන් අනතුරුව පිටියට පිවිසි පිතිකරුවන් තිදෙනාටම පිටිය තුළ ස්ථාවර වන්නට ඉඩ නොදුන් නුවන් තුෂාර, කඩුලු ත්‍රිත්වයක් දවා ගත්තේ සමත් තරගය පුරා ලකුණු 20කට කඩුලු 5ක් දවා ගැනීමත් සමගයි

නායක වනිඳු හසරංග ලකුණු 32ට කඩුලු 2යි.

රිෂාඩ් හුසේන් හයේ පහර 7ක් සමගින් ලකුණු 53යි.

කෙසේ වෙතත් බංග්ලාදේශයට පන්දුවාර 19යි පන්දු 4ක් තුළ සියලු දෙනා දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 146ක් පමණයි.

ශ්‍රී ලංකාව 2018 වසරෙන් පසුව බංග්ලාදේශයේදී පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියක් ජය ගත් පළමු අවස්ථාව මෙයයි.

 

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *