රාජ්‍ය වැවිලි සංස්ථාවේ මුළු ඉඩම්වලින් 39%ක් පාළුවට ඇරලා

රාජ්‍ය වැවිලි සංස්ථාව සතු අතිරික්ත ඉඩම් පෞද්ගලික අංශයට පැවරීම සම්බන්ධයෙන් විශේෂ කමිටුවක්

රාජ්‍ය වැවිලි සංස්ථාව සතු අතිරික්ත ඉඩම් පෞද්ගලික අංශයට පැවරීම සම්බන්ධයෙන් විශේෂ කමිටුවක්

ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ මුළු ඉඩම්වලින් සියයට තිස් නවයක් එනම් අක්කර හාරදහසක් පමණ කිසිම ආදායමක් ඉපයීමට දායක කරගෙන නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ.

සංස්ථාවේ වතු යායන් දාහතකට අයත් සම්පූර්ණ භූමි ප්‍රමාණය හෙක්ටයාර් 11012ක් බව පවසන විගණන වාර්තාව ඉන් තේ සඳහා හෙක්ටයාර් 4189ක්ද රබර් සඳහා හෙක්ටයාර් හැටපහක්ද සුළු අපනයන භෝග හා වන වගාව සඳහා හෙක්ටයාර් 2471ක්ද යොදාගෙන ඇතැයි සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් කරුණු දක්වන එම සංස්ථාවේ පාලනාධිකාරිය පෙන්වා දෙන්නේ සංස්ථාවට අයත් හෙක්ටයාර් 11012න් වගා නොකර ඇති භූමි ප්‍රමාණය හෙක්ටයාර් 4287ක් බවයි.

වගා නොකරන ලද භූමි ප්‍රමාණයෙන් වැඩි ප්‍රතිශතයක් නකල්ස් රක්ෂිත කලාපයේ පිහිටා ඇති බැවින් එම ප්‍රදේශයන්හි කිසිදු වගාවක් කළ නොහැකි බවද සංස්ථාව පෙන්වා දෙයි

මේ අතර කොන්ත්‍රාත් කාර්ය මණ්ඩලය පමණ ඉක්මවා පත් කර වැටුප් දීමනා වශයෙන් සඳහා 2020 වර්ෂයේදී ලක්ෂ තිස් එකක්ද ස්ථිර තනතුරු පමණ ඉක්මවා පත් කර වැටුප් හා දීමනා වශයෙන් ලක්ෂ 24ක මුදලක්ද ගෙවා තිබූ බව වාර්තාවේ දැක්වේ.

මහනුවර ගාල්ල මාතලේ දිස්ත්‍රික්කවල සංස්ථාව පාලනය කරන වතු අටක පර්චස් 450ක භූමි ප්‍රමාණයක් සහ මීට්ලන්ඩ් වතුයායේ නිල නිවාස දෙකක්ද හුන්නස්ගිරිය වතුයායේ නිල නිවාස දෙකක්ද වසර 28කට ආසන්න කාලයක සිට අනවසර පදිංචිකරුවන් භුක්ති විඳින බව ජාතික විගණන කාර්යාලය පවසයි.

තවද බදු පදනමට ලබා දී ඇති දේපළ වෙනුවෙන් බදුකරුවන්ගෙන් රුපියල් කෝටියකට ආසන්න බදු මුදලක් 2020 වර්ෂයේදී අය කර ගැනීමට කටයුතු කර නොතිබූ බව විගණන වාර්තාව සඳහන් කරයි.

මේ තොරතුරු සඳහන් වන්නේ රාජ්‍ය වැවිලි සංස්ථාවේ 2020 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *